තේක්ක-Teak-தேக்கு மரம்

ශාක කුලය - වර්බිනාසියේ - Verbenaceae

තේක්ක ගස ගස් අතර රජෙකු සේ වැදගත් බවක් උසුලයි. අපේ රටට තේක්ක බීජ ගෙනෙන ලද්දේ විදේශිකයන් විසින් ය. එය ඕලන්ද යුගයේ දී සිදු වූ බවට විශ්වාසයක් පවතී. ඉංග්‍රීසි ජාතිකයන් ටීක් යනුවෙන් හඳුන්වනු ලබන තේක්ක අපේ බසට තේක්ක යනුවෙන් ම විය. දෙමළ බසින් එය තේක්කු නමි. හින්දි බසින් ෂයිගුන් විය. බුරුම වැසියෝ කයුන් යනුවෙන් හඳුන්වයි.

බුරුමය නිජබිම කරගත් තේක්ක ගස මලයාව, සියම, ජාවා, ලංකාව, ඉන්දියාව හා මධ්‍යම ප්‍රදේශවලත් දකුණු දිගත් පැතිර පවතී. තේක්ක උපන් රට බුරුමයයි. එහි අක්කර දහස් ගණනින් තේක්ක වගාව පවත්වාගෙන යමින් ඇත. අපේ රටේ ද හෙක්ටයාර දහස් ගණනක් තේක්ක වගාව සඳහා යොදාගෙන ඇත. රොබට් නොක්ස් මේ රටට පැමිණියේ තම නැවේ කුඹයේ ඇති වූ දෝෂයක් නිසා තේක්ක කුඹ ගසක් කපා ගැනීමට ය. ඒ පැමිණීම කරණ කොට ඔහු මෙරට රජුගේ සිරකරුවෙක් බවට පත් විය. නිරිත දිග හා ඊසාන මෝසම් වැසි ඇති වයඹ පළාතේ හා උතුරු මැද පළාතේ තේක්ක වගාව සරු ලෙස කෙරේ. බීජ මගිනුත් මුල් මගිනුත් ව්‍යාප්තිය සිදු වේ. තේක්ක බීජ ගිනිගත් තැන්වල ඉබේ ම පැළ වුවත් එම බීජ පැළවීම සිදුවන්නේ දුෂ්කර ආකාරයකට ය. ඒ නිසා විද්‍යානුකූල ව ඒවා පැළ කිරීම සිදු වේ. 

තේක්ක වගාව මුලින් ම ආරම්භ කරන ලද්දේ ඉංග්‍රීසි ජාතිකයන් යයි කීවොත් එය නිවැරදි ය. බස්නාහිර පළාතේ මාඔයබඩ කොටදෙනියාවේ යකඩගල වත්තේ තේක්ක වගාව අත්හදා බලන ලද අතර එහි වට අඩි 12 තරම් වූ දැවැන්ත තේක්ක ගස වැවුණි. උසින් අඩි 120 ක් පමණ විය. දැනට ද යකඩගල වත්තේ තේක්ක වගාව පැතිරී ඇත. එය අයිති සුදු ජාතිකයන්ට ය. මෙරට වගා කරන ලද තේක්ක ද්විත්ව වර්ගයන් ය. බීජ බද්ධය මගින් ලබාගත් බීජ මගින් පැළ කරගත් උසස් වර්ගයේ ඒවා ය. එහි ඉතා පැහැදිලි හා දැකුම්කලු වෛරමක් පිහිටා ඇත.

තේක්ක ගස වියළි දේශගුණයට ද ඔරොත්තු දේ. වර්ෂයේ නොවැම්බර් දෙසැම්බර් වන විට පත්‍ර හැලී මල් හටගැනීම සිදුවන්නේ අලුතින් කොළලෑමත් සමගයි. විශාල මල් පොකුරක මල් රාශියක් පිපෙන අතර බීජ විශාල ප්‍රමාණයක් හැදේ. ගිරවුන් මේ ගෙඩි කෑමට මහත් ප්‍රියතාවක් දක්වයි. තේක්ක කොළය ප්‍රමාණයෙන් කැන්ද කොළයට වඩා මඳක් ලොකු ය. එය 30 cm පමණ දිග් වේ. පළල 18 cm - 20 cm ක් ද වන අතර තේක්ක කොළය ඉතා රළු ය. ඇඟේ ගෑවුණ විට තරමක් කසන ගතියක් ඇත. පුෂ්ප මංජරිය ත්‍රිකෝණාකාර ය. අවුරුද්දකට වරක් හටගනී. තේක්ක බීජය කඩා බැලුවහොත් එය සිනිදු බුවක් වැනි (වෙල්වට්) වැස්මකින් ආවරණ වී ඇති සැටි දැකිය හැකි ය. වසර 20 ක දී පමණ වට අඩි 10 ක් තරම් විශාල තේක්ක ගසක් ලබාගත හැක.

Type of Genus - Verbenaceae

The teak tree is as important as a king among the trees. Teak seeds were brought to our country by

foreigners. It is believed to have taken place during the Dutch era. The teak that the English call teak

was the same as teak in our language. In Tamil it is called teak. It was Shaigun in Hindi. The Burmese

call it kayun.

Native to Burma, the teak tree is found in Malaya, Siam, Java, Sri Lanka, India and the central and

southern regions. Teak is native to Burma. It cultivates teak on thousands of acres. Thousands of

hectares in our country are also used for teak cultivation. Robert Knox came to this country to cut down

a teak acorn tree due to a defect in his ships antlers. Upon his arrival he became a prisoner of the king

of this country. Teak cultivation is abundant in the North Western and North Central Provinces with

southwest and northeast monsoon rains. Propagation is by seeds and roots. Although teak seeds

germinate spontaneously in fires, they germinate in a difficult way. So they have to be planted

scientifically.

It is correct to say that teak cultivation was first started by the English. The teak plantation at

Yakadagala Estate in Kotadeniya, Maoya in the Western Province was tested and a huge teak tree about

12 feet in circumference was planted. The height was about 120 feet. Teak cultivation is still

widespread in the Yakadagala estate. There are two types of teak grown in the country. They are high

quality seedlings grown from seeds obtained by grafting. There is a very clear and beautiful variation

there.

The Teak tree is also resistant to dry climates. By November-December of the year, the leaves fall off

and flowers appear with new leaves. A large cluster of flowers bloom and a large number of seeds are

formed. Parrots are very fond of eating these seeds. Teak leaf is slightly larger in size than cane leaf. It

is about 30 cm long. The width is 18 cm - 20 cm and the teak leaf is very rough. There is a slight

itching when it touches the body. Triangular Inflorescence occurs once a year. If the teak seed is

broken, it can be seen that it is covered with a soft velvet coating. A teak tree as large as 10 feet in

circumference can be obtained in about 20 years.