ශාක කුලය - මැලේෂියේ - Meliaceae
කොහොඹ ගස අපේ රටට ආවේණික ශාකයකි. තෙත් කලාපයේ කොහොඹ ශාකය හැදුණත් එය ඉතා යෝග්‍ය ලෙස වැඩි වර්ධනයක් පෙන්වන්නේ වියළි කලාපයේ ය. ඉතාමත් සරුසාර ලෙස අතු ඉති ලියලා වැඩෙන්නේ වියළි දේශගුණය ඇති අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශයේ ය. මෙය දකුණු ආසියාකරයේ දක්නට ඇති ශාකයක් වන අතර අපේ රටට කොහොඹ පැළැටිය ලැබෙන්නට ඇත්තේ ඉන්දියාවෙන් විය හැකි ය.
ආයුර්වේදයේ විශිෂ්ට ගණයේ ඖෂධයක් ලෙසින් සැලකෙන කොහොඹ ගස සර්වාංග රෝග ගණනාවකට යොදාගනී. කොහොඹ ප්‍රධාන වශයෙන් විෂබීජ නාශකයකි. එසේ ම කොහොඹ සෙවණ ශරීරයට ඉතාමත් ගුණදායක ය. එය රෝග නිවාරණයට ද බෙහෙවින් යෝග්‍ය වේ. බෝවන රෝග හා චර්ම රෝග ඇති අයට කොහොඹ කොළ ජීවක ඔසුවකි. කොහොඹ කොළ කොටා මිරිකා ලබාගන්නා යුෂ ගෙබිමට ඉස පිස දැමීමෙන් විෂබීජ විනාශ වේ. අපේ පැරණි අය එය අත්දැකීමෙන් දනිති. පැරණි අය තම ගෙවත්තේ කොහොඹ ගසක් වවා ගත්තේ එය එතරම් ම අවශ්‍ය වන ශාකයක් බැවිනි. මිනිසාට මෙන් ම ගවයාට ද කොහොඹ ගසේ පංචාංගය ඖෂධයක් ලෙසින් යොදාගනී. කොහොඹ ගෙඩි හටගන්නා කාලයට කොහොඹ ගසේ කොළ සහ නටු රිකිලි තරමක් හැලී යයි. එය සිදු වන්නේ දෙසැම්බර් මාසයේ දී පමණ ය. ඉදුණ කොහොඹ ගෙඩි කෑමට රුචි බවක් දක්වන කෑදැත්තා, කොහොඹ ඉදුණු ගෙඩි සහමුලින් ගිල දමයි. කොහොඹ ගෙඩිය ද තිත්ත නමුත් ඉදුණ ගෙඩියේ ඇති සුළු පැණි රසය නිසා කුරුල්ලන් කොහොඹ ගෙඩි ගිල දමයි. කොහොඹ ක්‍රම දෙකකින් පැළ හටගනී. එක් ක්‍රමයක් බීජ මගින් පැළ හටගැනීමයි. අනෙක් ක්‍රමය වන්නේ මුල් කැපීමෙන් පැළ හටගැනීමයි.
පෙබරවාරි මාර්තු මාසවල කොහොඹ කොළ ඉදී බිමට හැලේ. ඉන්පසු ළා දලු දමා නැවත කොහොඹ ගස අලුත් වන්නේ අප්‍රේල් මාසයේ ය. කොහොඹ ගස වන්නිකරයේ අයට සම්පතකි. කොහොඹ ඇට එකතු කර තෙල් හිඳීම සඳහා යොදාගැනීමෙන් ආදායමක් ලැබිය හැකි ය. වන්නියේ උදවිය කොහොඹ ඇට එකතු කරන්නේ හිමිදිරියේ ම ය. කොහොඹ ඇටයට අනෙක් සතුන්ගෙන් හානියක් සිදු නොවේ. ඒ නිසා ගස් යට වැටෙන කොහොඹ ඇට එකතු කරගැනීමේ පහසුව ඇති වී තිබේ. වන්නි ප්‍රදේශවල මිනිසුන් දෙවියන් උදෙසා කොහොඹ අතු වෙන් කරන්නේ යම් යම් සුබ වැඩ ආරම්භයේ දී ය. කොහොඹ ගස විවධ රටවල විවිධ නමින් හැඳිවේ.
සිංහල - කොම්බ, කොහොඹ, කොසඹ
ද්‍රවිඩ - වේප්පම්, වාම්බු, වේම්බු
ඉංග්‍රීසි - මාගෝසා
සංස්කෘත - නිම්සා
ආයුර්වේද - නිම්සා - නිඹ
විශේෂ වර්ගයේ කොහොඹ ශාක ද අපේ රටේ ඇත. තිස්සමහාරාමයේ තිස්ස චෛත්‍යය පැත්තේ ශාඛාවේ කොළ තිත්ත නොමැති බව කියවේ. එසේ ම කතරගම දෙවිඳුගේ භාර්යාව වූ වල්ලි මාතාච වාසය කර ඇත්තේ කොහොඹ ගසක බිහිටි බිලයක් තුළ බව කියවේ. මී මැස්සා කොහොඹ මලේ ද රොන් ගනී. එහෙත් කොහොඹ මලේ පැණි තිත්ත රස නොමැත. කොහොඹ මල් වියළා අල්මාරි පෙට්ටගම් ආදියේ දමා තිබීමෙන් ඒවාට කෘමි සතුන් බෝ නොවන බවට මතයක් ඇත. ඉන් නික්මෙන සැර සුවඳ කෘමීන්ට විෂ සහිත ය. කොහොඹ දලු ඉතාමත් හොඳ ඖෂධයකි. අලුත් තුවාලවලට කොහොඹ කෑල්ලක් අමු කහ සමග එකට දමා තළා තුවාලයේ බැඳීමෙන් ඉතාමත් ඉක්මනින් තුවාල සුව වේ. පැසවන්නේ නැත. ඇස්වල රෝගයන්ටද කොහොඹ දල්ලේ ඉස්ම බිදුවක් දැමීමෙන් සුව ගෙන දේ. කල්ගිය තුවාල කැළැල් මැකීම සඳහාත් මුහුණේ හටගන්නා කුරුලෑ කැළැල් මැකීයාම පිණිසත් කොහොඹ දලු ඇල් දියෙන් අඹරා තැවරීම ප්‍රත්‍යක්ෂ ය. කොහොඹ කොළ කොටා යුෂ ගෙන කකාරවා බීමෙන් ශරිරයේ රුධිර පාලනය ඇති කරයි. එසේ ම බාල මහලු හැමට ම කොහොඹ කොළ යුෂ පානය කිරිමෙන් පණු රෝග සමනය කරගත හැකි ය. ඇඟිලිකරුවල හටගන්නා තුවාල, වණ ආදියට ද කොහොඹ කොළ තම්බා ඒ වතුරෙන් සේදීමෙන් සුවය ගෙන දේ.
වන්නි ප්‍රදේශයේ අය කොහොඹ කොළ කොටා අමු කහ සමඟ මිශ්‍ර කොට බඳින්නේ කකුලේ ඇනුණ කටු එළියට ඇදීම සඳහා ය. එසේ ම කොහොඹ පොතු තම්බාගත් වතුරට එළකිරි මිශ්‍ර කර උදේට බීමෙන් ශරීරයේ පිත් දෝෂ සමනය වන බව ආයුර්වේද මතයයි. වී ගුල්ලන්ගෙන් හා ඉපියන්ගෙන් ආරක්ෂා කරගැනීමට වියළන ලද කොහොඹ කොළ මිශ්‍ර කොට තැබීමෙන් දීර්ඝ කාලයක් තබාගත හැකි ය. සමහර පළාත්වල කොහොඹ කොළ කොටා යුෂ රැගෙන ඊට යම් ප්‍රමාණයක් වතුර එකතු කොට වගාවලට ඉසීමෙන් රෝග නිවාරණය වන බව කියැවේ. වන්නිකරයේ ගම්මැණ්ඩිවල දෙයියන්ගේ ලෙඩ හැදුණ විට ඒ ගෙදර ඉඳිකඩුල්ලේ කොහොඹ රිකිලි මිටියක් බැඳ තබන්නේ ගෙදර බෝවන රෝගයක් ඇති බව දැන්වීමටයි. එවැනි සන්නිවේදන කටයුතු සඳහාද කොහොඹ ගස භාවිත කරනු ලබයි.
වියළි කලාපයේ ගෙවල මකුළුදැල් කැඩීම සඳහා ද කොහොඹ අතු භාවිතයට ගනු ලබයි. කැප්පිටිය සහ කොහොඹ අතුවලින් මකුළුදැල් කැඩීමේ දී ඒවා නැවත බඳිනු නොලබන බවට විශ්වාසයක් ඇත. සමහර රෝග සුවවූවන්ට කොහොඹ කොළ තම්බා ඒ දියෙන් නෑමට වෛද්‍යවරු නිර්දේශ කරති. පුරාණ කමත් චාරිත්‍ර අනුව කොහොඹ ලෑල්ලක් කමතේ තැබීම සිදු කරයි. එම කොහොඹ ලෑල්ල කුඩා එකකි. එයට ඇණයක් ද සවිකිරීම සිරිතක් වශයෙන් කරන්නේ අමනුෂ්‍ය බැල්ම දුරුකිරීමටයි. කොහොඹ යකා කිසිම අමනුෂ්‍යයකුට ගොවියාට නොදැනී හොරෙන් පාවරය හැංගීමට ඉඩ නොදේ. එම විශ්වාස නිසා අදත් සමහර පළාත්වල ගොවි මහතුන් කොළ පාගන විට කොහොඹ ලෑල්ල තැබීම සිරිතක් වශයෙන් කරයි.
ප්‍රයෝජන
කොහොඹ ශාකය ඖෂධීය වශයෙන් ඉතා ප්‍රයෝජනවත් ශාකයකි. මෙහි කොළ, මල්, මුල්, පොතු, ගෙඩි යන පංචාංගය ම ඖෂධ සඳහා ප්‍රයෝජනයට ගනු ලබයි. කොහොඹ කොළ විෂබීජ නැසීමටත් ස්නානයටත් ගව ආදී සතුන්ගේ රෝග සඳහාත් යොදාගනී. බෝවන රෝග හටගත් විට ඇඳ ඇතිරිල්ලේ කොහොඹ කොළ යොදා ඒ මත්තේ නිදාගැනීම කරනු ලබයි. එසේ ම කුෂ්ඨ රෝග හා සමේ පණු කැවිලි ආදී දේ ඇති වූ විට කොහොඹ කොළ මත නිදාගැනීම සුදුසු ය. කොහොඹ ඇටවලින් ලබාගන්නා තෙල් නොයෙකුත් රෝග සඳහා භාවිතයට ගනී. එසේ ම ශාන්තිකර්මවල දී ද කොහොඹ තෙල් භාවිතයට ගැනේ.
Type of Genus - Meliaceae
The Kohomba tree is endemic to Sri Lanka. Although the plant grows in the wet zone, it grows most
favorably in the dry zone. The most fertile trees grow in Polonnaruwa and Anuradhapura, which have
dry climates. This is a plant found commonly in South Asia and our country may have acquired the
Kohomba plant from India.
Kohomba tree is considered as an excellent medicine in Ayurveda and is used for many ailments.
Kohomba is mainly a disinfectant. Also, Kohomba shade is very good for the body. It is also very
suitable for disease prevention. Kohomba oil is useful for its uses as a prophylactic. Kohomba leaf is a
living medicine for people with infectious and skin diseases. Sprinkle the juice of chopped leaves on
the floor and kill the germs. Our ancients knew it by experience. The ancients planted a Kohomba tree
in their backyard because of its uses. The Kohomba tree Panchanga is used medicinally for humans as
well as cattle. By the time the Kohomba fruit ripens, the leaves and stalks of the tree have fallen off. It
only happens in December. The fruit lover, who likes to eat ripe Kohomba, swallows the Kohomba
whole, seeds included. The Kohomba is also bitter but the birds swallow the seeds due to the slight
sweet taste of the ripe fruit. Kohomba sprouts in two ways. One way is by germination. The other
method is to sprout from the roots.
There are also special types of Kohomba plants in our country. It is said that the branch on the side of
the Tissa Chaitya in Tissamaharama has no leaves. Similarly, it is said that Valli Matacha, the wife of
the god Kataragama, lived in a birth certificate of a kohomba tree. Kohomba leaves are a very good
medicine. Eye diseases can also be cured by applying a drop of Kohomba leaf juice. Everyone, young
and old, can get rid of worms by drinking Kohomba leaf juice.
Kohomba twigs are also used to break spider webs in homes in the dry zone. It is believed that spider
webs made from keppitiya and kohomba branches are not re-bound. In mythology, the Kohomba devil
does not allow any inhuman to hide his power without the knowledge of the farmer.
Kohomba leaves ripen in February and March. Then the young leaves and the Kohomba tree spring to
life in the month of April. The Kohomba tree is a resource for the people of the Vanni area. An income
can be earned by collecting Kohomba seeds and using them for drying oil. Kohomba seed is not
consumed by other animals. The people of the Vanni set aside kohomba branches for the gods at the
beginning of some auspicious work. When the people of Vanni get sick, a bundle of kohomba shoots is
tied to the house to announce that there is an infectious disease in the house. The Kohomba tree has
different names in different countries.