පලු-Loquat-நொகொற்றா மரம்

ශාක කුලය - සප්තාසියේ - Saphtaceae

 

පලු ගස විශාල ලෙස අතුපතර විහිදී වැඩෙන ශාකයකි. ඝන කැලෑවල රාජකීය ලෙස උස්මහත් වී වැඩෙන පලු ගස විශාල ප්‍රදේශයක් පුරා අතු පතර විහිදී වැඩේ. මෙය වන්නියේ හෙවත් වියළි කලාපයේ ඉතා හොඳින් වැඩෙන්නා වූ වනස්පති වෘක්ෂයකි. සමහර පිරිස් පලු ගසක් මුල් කරගෙන වන්නියේ හේන් කොටන අතර හේනේ අතුමැස්ස ඉදි කරගන්නේ එම පලු ගස මතයි. කඳ විශාලත්වයෙන් හා වටකුරු ව වැඩෙන පලු ගසේ ලීය ඉතාමත් ශක්තිමත් ය. පලු ගසේ පත්‍ර හෙවත් කොළ ඝණකමින් යුත් අතර කළු පැහැති කොළ පාටින් යුක්තයි. පත්‍රය ශක්තිමත් ය. ඕවලාකාර ය. මතුපිට දිලිසෙන කොළ වර්ණයෙන් යුක්ත වේ. එසේ වන්නේ අව්කාෂ්ඨය දරා ගැනීම පිණිස ය. පලු ගස ළපටි අවධියේ වැලක් ලෙස දිස් වේ. මුල් ප්‍රදේශයේ කටු ද දක්නට ඇත. හරියට කැටකාල ගසක මෙනි. පලු ශාකයේ මැලියම් සහිත ගතියක් දක්නට ඇත. එය ලාටු මෙනි. පලු ගස වැඩෙන්නේ ඉතාමත් ම සෙමින් ය. කළුවර ශාකය මෙනි. ගස කළුපාටින් යුක්තයි. 

 

පලු ගස වියළි කලාපයේ ආවේණික ශාකයක් වන අතර ඕනෑ ම කෙනෙකුට පලු ගස ලෙහෙසියෙන් හඳුනාගත හැකි ය. බොහෝ අතුපතරත් විශාලත්වයත් නිසා ගැමියන් පලු ගසට මහත් හරසර දක්වනු පෙනේ. හේන් රැකීමට හදන අතුමැහි පලු ගස්වල දෙබල් මත ඉදි කරනු ලබයි. මේ අතු මැස්සට වහලක් නැත. ලී හරස් කර බැඳගනු ලබයි. එයට ගොඩවීම සඳහා වැල් ඉණිමඟක් සාදාගනු ලබයි. උඩට නැගගත් පසු වැල් ඉණිමග ද උඩට ඇදගනු ලබයි.

 

මැයි, ජුනි, ජුලි මාසවල පලු ගෙඩි ඉදෙන කාලයයි. පලු ඉතා රසවත් දේශීය පලතුරකි. මිහිරි පැණි රසකින් යුත් පලු ගෙඩි කෑමට හැමදෙනා ම ප්‍රිය බවක් දක්වයි. කහ පැහැයෙන් යුත් කැඹිලි වර්ණයෙන් දිස්වන ඉදුණු පලු ගෙඩි වෙළඳපළේ විකුණන්නේ මළු වශයෙන් ය. පලු ගෙඩි කැඩීම අසීරු කටයුත්තකි. පලු ගෙඩි කඩන්නේ අතු කැපීමෙනි. ගෙඩි කුඩා නිසා කෙකිවලින් හෝ සොලවා කැඩීමට නොහැක. ඒ නිසා අතු කපා ගෙඩි එකතු කර ගැනීම කරනු ලබයි. පලු ගෙඩි කෑමට කුරුලු කොබෙයියන් ඉමහත් ආශාවක් දක්වයි. ඒ නිසා පලු ගසේ ව්‍යාප්තිය එම සතුන් මගින් ඉතා හොඳින් සිදු වේ. පලු මල් හටගන්නා සමයට මී වදවල හා බඹර වදවල පැණි වැඩි වන බවට මතයක් ඇත. ඒ නිසා පලු මල් වාරයට වනයේ මී කැඩීම බහුලව දක්නට ලැබේ. පලු ගෙඩි කැඩීම සඳහා යන උදවිය ඒ සඳහා ම සැකසූ 'වටපෙට්ටි' ගෙනයති. වැව්වල වැවෙන හැමන් පන් වර්ගයෙන් එම වටපෙට්ටි වියනු ලැබේ. කඩාගත් පලු ගෙඩි නරක් නොවී තබාගැනීම සඳහා ගැමියන් කරන්නේ ඒවාට මී පැණි සුළු ප්‍රමාණයක් මිශ්‍ර කර කලවම් කිරීමයි. එහෙත් පලු ගෙඩි කඩා දින දෙකතුනක් තබාගත නොහැකි ය. ඊට හේතුව නම් වහා ඒවා නරක්වීමයි. පලු ගෙඩි කැඩූ පසු ඒවා ක්ෂණික ව අලෙවි කිරීම කරනු ලබයි. 

 

පලු ගසේ පොත්තේ ඖෂධීය ගුණයක් ඇති බව පැවසෙන අතර උළුක්කු තැළුම් පෙලුම් ආදියට එම ඉස්ම ගෙන කකාරා ගෑ විට සුවවන බව පැවසේ. වියළි කලාපයේ උදවිය දෙබරුන් හා බඹරුන් දෂ්ට කළ විට පලු පොතු දෙහි ඇඹුළෙන් ගලගා ගෑම කරනු ලබයි. එවිට්ට එම විෂ බසී.

 

ප්‍රයෝජන

 

පලු ගස ඉතා සුවිසල් ගසකි. පලු ගෙඩි මිහිරි පලතුරකි. පලු ගසේ පොත්ත බෙහෙත් ඖෂධයක් වශයෙන් ද භාවිතයට ගැනේ. එය ප්‍රථමාධාර සඳහා යොදා ගන්නා ඔසුවකි. පලු ගස රැකගත යුතු රුකකි. වර්තමානයේ පලු ගස උපයෝගී කරගනිමින් දොඩම් බද්ධ කිරීමට කටයුතු යොදා ඇත. එය ඉතා සාර්ථක වූවකි. අද පැණි දොඩම් බද්ධ කරන්නේ පලු ගසටයි. දොඩම් ශාකය වැලඳගැනීමේ විශිෂ්ට වූ ශක්තිය පලු ගසට ඇති බව ඉන් පෙනී යයි.

 

Type of Genus - Saphtaceae

The Palu tree is a large deciduous plant. The palu tree, which grows royally in the dense jungle, spreads

its branches over a large area. This is a very well grown tree in the Vanni or dry zone. Some people

engage in chena cultivation in the Vanni based on a palu tree and build the chena bypass on that palu

tree. The trunk is very strong and the trunk is large. The oval shaped leaves are thick and blackish

green. The leaf is strong. The surface is shiny green in color. The palu tree appears as a vine in its

young stage. Thorns are found in the original area. The plant has a sticky texture. The palu tree grows

very slowly.

The Palu tree is an endemic plant of the dry zone and can be easily identified by anyone. Due to its

large leaves and large size, the villagers pay homage to the palu tree. Their chena is built on the forks of

palm trees. The wood is cross-linked. A vine ladder is made to climb it. Once up, the vine ladder is

pulled up.

May, June and July are the best months for fruiting season. Palu is a very tasty local fruit. Everyone

loves to eat sweet and sour nuts. Ripe fruits, which are yellow in color, are sold in bags in the market.

Breaking the nuts is a difficult task. The fruit is collected by pruning. The nuts are small and cannot be

broken into chunks or shaken. So the branches are cut and the fruits are collected. Birds and snakes are

very fond of eating the nuts. Therefore, the spread of the palm tree is very well done by those animals.

There is an opinion that bee hives and wasp hives increase their honey during the flowering season.

Therefore, bee stings are common in the wild during the flowering season. People who go to pick nuts

carry specially made round boxes. The rounds are woven from haman reeds grown in lakes. To

preserve the fruit, the villagers mix a small amount of honey in it and stir it in. But the nuts can not be

kept for two or three days. The reason is that they deteriorate immediately. Once the nuts are picked,

they are sold immediately.

The bark of the palm tree is said to have medicinal properties and is said to cure sprains and bruises.

When people in the dry zone are bitten by wasps and wasps, the bark is peeled off and mixed with lime

juice to apply to the affected area.

The Palu tree is a very big tree. Palu nuts are a sweet fruit. The bark of the palm tree is also used

medicinally. It is a medicine used for first aid. Palu tree is a tree that needs to be protected. At present,

arrangements are being made to transplant oranges using the palm tree. It was very successful. Today,

sweet oranges are grafted onto the palu tree. This shows that the palu tree has a great ability to embrace

the orange plant.