ශාක කුලය - මොරේසියස් - Moraceae
කොස් ගස දකුණු ආසියාවේ ඉතාමත් ජනප්‍රිය මෙන් ම ප්‍රයෝජනවත් ශාකයකි. හෙට්රොකාපස් නම් පරම්පරාවට අයත් වන කොස් ගස පූජනීය වෘක්ෂයක් ලෙසින් ජනතාව අතර ගෞරවාදරයට පාත්‍ර වී ඇත්තේ එයට ඔවුන් බත් ගස කියා ද ව්‍යවහාර කරනු ලබයි. කොස් පලදාව හොඳට ඇති වන්නේ ගස් මෝරා වයසට යාමත් සමගයි.
අපේ රටේ වැවෙන කොස් වර්ග කීපයක් දක්නට ඇත. එක් වර්ගයක් පාරම්පරික කොස් ලෙසින් හැඳින්වේ. එම කොස් අති විශාල ගස් ලෙස වර්ධනය වේ. තවත් වර්ගයක් ඇත. එය රට කොස් නමින් හැඳින්වේ. මෙම කොස් ගස් තරමක් කුඩා ය. ගෙඩිවල මදුලු මසින් යුක්තයි. එසේ ම ඇට ලොකුවට වටකුරු ව පිහිටා ඇත. අනෙක් කොස් වර්ගය වැඩිදියුණු කරන ලද දහ අට මාසයේ කොස් ය. මෙම කොස් ගස් ප්‍රමාණයෙන් ඉතා කුඩා වන අතර ඉක්මනින් ගෙඩි සෑදේ. කොස් ගසේ මාතෘ භූමිය දකුණු ආසියාව වශයෙන් පිළිගැනේ. පසුකාලීන ව කොස් ශාකය තවත් බොහෝ රටවල ව්‍යාප්ත වී ඇත. එහෙත් ඊට සුදුසු උෂ්ණ තෙත් දේශගුණයේ හැර අධික ශීත කලාපීය රටවල හෝ උෂ්ණය අධික ශුෂ්ක ප්‍රදේශවල කොස් ගස නොවැඩේ. ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව, කාම්බෝජය, තායිලන්තය ආදී රටවල කොස් ගස ඉතා හොඳින් වැඩේ. මින් සමහර රටවල් කොස් ගෙඩියේ නොයෙක් කොටස් සැකසූ ආහාර ලෙස විදෙස් වලට යවනු ලබයි.
අප්‍රිකාවේ සමහර පළාත්වලත් උගන්ඩාවේත් මැඩගස්කර්වලත් අති විශාල කොස් ගෙඩි හටගන්නා කොස් වර්ග ඇත. කොස් ඉදුණු පසු එය දෙයාකාර ලෙස භාවිතයට ගන්නේ වරකා සහ වැල වශයෙන් ය. වැල එතරම් ජනප්‍රිය නොවුණත් වරකා කෑමට හැමදෙනා ම එක ලෙස කැමැත්තක් දක්වයි. අපේ රටේ කොස් පිළිබඳව බොහෝ පුරාවෘත්ත ඇත. ඊට හේතුව කොස් ගස අනාදිමත් කාලයක සිට අපේ රටේ ව්‍යාප්ත ව පැවතිමයි. කොස්වලට අන්වර්ත නාමයක් ලෙස හෙරළි කියා භාවිත කරනු ලබයි. එම හෙරළි යන නම ඇතිවීමට ද මුල් වූ ජනකතාවක් පවතී. එසේ ම වැල හා වරකා ගැන ප්‍රබන්ධ වූ කතා ද අපේ රටේ තැනින් තැන අසන්නට ලැබේ.
කොස් ගස ලංකාවේ පහතරට තෙත් කලාපයේත් නිරිත දිග තැනි ප්‍රදේශයේත් විශාල ලෙසින් පැතිර පවතී. කොස් ව්‍යාප්තිය සිදුවන්නේ එහි බීජ මගින් ය. කොස් ගෙඩියක සාමාන්‍යයෙන් කොස් ඇට 200 ක් පමණ ඇත. ඊට අඩු ලෙස පිහිටන අවස්ථා ද ඇත. කොස් ඇටයේ පිටි අධික නිසා ආහාරයට ගත් විට බොහෝ වේලාවක් යනතුරු බඩගිනි නොදැනේ. බංගලිදේශය වැල සහ වරකා ජාතික පලතුරක් ලෙසින් පිළිගෙන ඇත.
සාමාන්‍යයෙන් කොස් ගෙඩියක් හොඳින් පැසීමට මාස හතරක පමණ කාලයක් ගතවේ. කොස් වාරය එළඹෙන්නේ අප්‍රේල් හා මැයිවලදී ය. පෙබරවාරි මාර්තු මාසවල කොස් ගසේ පනා පට්ට මතු වේ. ද්විලිංගික පුෂ්ප නිසා ඵල හටගනී. අතිරේක ඵලදා කාලයක් ද ඇත. වාරයට කොස් පලදාව වැඩි අතර අවාරයට හැදෙන්නේ අඩුවෙන් ය. කොස් ගසත් අඩි 150ක් තරම් උසට අතුපතර විහිදී වැඩේ. එසේ වැඩෙන්නේ දේශීය පැරණි වර්ගයේ කොස් ය.
කොස් ගෙඩියෙන් ගන්නා ප්‍රයෝජන -
පොලොස් : පොලොස් ඇඹුල ඉතාමත් ප්‍රණීත වෑංජනයකි. මෙය අපේ රටේ ක්‍රම දෙකකින් සකසා ගනී. එසේ ම පොලොස් මැල්ලුම ,පොලොස් කට්ලට් හා පොලොස් සම්බෝල, තෙම්පරාදු මේ හැම ක්‍රමයකටම සකසා ගනී.මැල්ලුම සඳහා ලියන ලද පොලොස් කැබලි පැකට් කර විකුණන අයුරු ද දැකගත හැකි වේ.
Type of Genus - Moraceae
The Jackfruit tree is one of the most popular and useful plants in South Asia. The Jackfruit tree, which
belongs to the Hetrocapus genus, is revered by the people as a sacred tree and is also known as the rice
tree. Jackfruit bears good fruit as the tree matures. There are several varieties of Jackfruit grown in our
country. One type is called the traditional Jackfruit. Those Jackfruits grow into huge trees. There is
another type. It is called country jack. These Jackfruit trees are quite small. The pulp of the fruit is
fleshy. Also the bones are large and rounded. The other type is an improved eighteen month old
Jackfruit. These Jackfruit trees are very small in size and bear fruit quickly. The motherland of the
Jackfruit tree is recognized as South Asia. Later, the Jackfruit plant spread to many other countries.
However, the Jackfruit does not grow well in temperate or humid climates, except in hot and humid
climates. Jackfruit grows well in India, Bangladesh, Nepal, Sri Lanka, Cambodia and Thailand. In
some of these countries, various parts of the Jackfruit are exported as processed foods.
In some parts of Africa, Uganda, and Madagascar, there are large Jackfruits. Once the Jackfruit is ripe,
it can be used in two forms, Waraka and Wela, although Wela is not that famous everyone loves to eat
Waraka. There are many legends about Jackfruit in our country. The reason for this is that the Jackfruit
tree has been widespread in our country since time immemorial. Herali is used as a nickname for
Jackfruit. There is a folklore that gave rise to the name Herali. Fictional stories about Wela and Waraka
are also heard all over our country. The Jackfruit tree is widespread in the lowland wet zone of Sri
Lanka and in the southwestern plains. The Jackfruit is propagated by its seeds. A Jackfruit usually has
about 200 seeds. Because Jackfruit is high in flour, you do not feel hungry for a long time after eating.
Bangladesh recognizes Welaa and Waraka as a national fruit.
It usually takes about four months for a Jackfruit to ripen well. The season is in April and May. In the
months of February and March the combs of the Jackfruit tree emerge. Fruiting takes place due to
bisexual flowers. There is also an additional productive period. Jackfruit yields more in season and less
in off-season. The Jackfruit tree can grow up to 150 feet in height. Thus grows the local old type of
jackfruit.
Benifits
Polos: Polos Ambula is a very old curry. This is done in our country in two ways. Also, Polos mallum,
Polos cutlets and Polos sambols, are prepared in all these ways.