ශාක කුලය - ඩිප්ටෙරාකාපේසියේ - Dipteracarpaceae
නිවර්තන සදාහරිත වනයන්හි ඉතා හොඳින් වැඩෙන හොර ගස තෙත් කලාපයේ ද ඉතාමත් හොඳින් වැඩෙන තද අරටුව සහිත ශාකයකි. මෙහි කොළය කැලෑ දෙල් කොළයට තරමක් සමාන වුවත් එතරම් විශාල නැත. තද ගොරෝසු ගතියක් එහි පත්‍රයේ පිට පැත්තේ හා ඇතුළු පැත්තේ දැකිය හැකි ය. හොර ගස තනි කෙළින් අහසට විහිද යන කඳක් ඇති ගසක් වනවා සේ ම තද ගතිය ද ඊට උරුම ව ඇත. හොර ගසේ ගෙඩියෙහි පිහාටු මෙන් කුඩා පෙති යුගලක් ඇති අතර මෙම ගෙඩිය සුළගේ පාවී ගොස් කොතැනක හෝ පතිත වී පැළ වේ. ඉන්පසු ගසක් මෙන් වැඩීමට පටන් ගනී. පස්දුන් කෝරලයේ හා සිංහරාජයේත් හොර ගස ඉතා හොඳින් වැඩේ. ඒ අතර නිරිත දිග තෙත් කලාපයේ හොර ගසට ඉතා හොඳ පරිසරයක් ඇත. ශ්‍රී ලංකාව මව් භූමිය ලෙස සැලකුණ ද හොර ගස ඉන්දියාව, ඉන්දු චීනය හා බෝර්නියෝ, පිලිපීන් දූපත්වලත් වැඩේ. හොර වර්ග දෙකක් ඇති බව උද්භිද විද්‍යාඥයන් පවසන අතර එම වර්ග දෙක වශයෙන් හඳුන්වන්නේ හොර සහ බූහොර වශයෙනි. එහෙත් මේ වර්ග දෙක ම එක හා සමාන ය. අතුපතර විහිදමින් අඩි සියයක් නැත්නම් දෙසීයක් උඩට විහිදෙන හොර ගස තනි කෙළින් වර්ධනය වීම පුදුම සහගත ය. එසේ ම ශක්තියද වැඩි ය. හොර ගසේ ව්‍යාප්තිය සිදුවන්නේ බීජ මගින් ය. පත්‍ර දෙකක් පිහාටු මෙන් හොර බීජයේ ඇති නිසා එය සුළඟේ ඉගිළ ගොස් බිමට පතිත වේ. එතැන එය පැළවීම සිදුවෙයි. හොර ගසේ පත්‍ර තද කොළ පැහැයෙන් යුතු අතර ඒවායේ නාරටි ඝන ව පිහිටා ඇත. ගොරෝසු මතුපිටක් දක්නට හැකි ය. හොර දල්ල කොපුවක් මත පිහිටයි. එම කොපු විවර වූ පසු හොර දල්ල මෝරා කොළ විහිදේ. සාමාන්‍යයෙන් වර්ෂයේ පෙබරවාරි මාර්තු යන මාසවල හොර ගස්වල මල් පිපීම ආරම්භ වේ. අතු රිකිලි අග මල් පිපීම සිදු වේ. එක මල් පොකුරක මල් දෙකතුනක් හටගන්නා අතර ඒවායේ ගෙඩි හැදේ. ගෙඩි මෝරා පරිණත වූ පසු ඉහත කී පිහාටු යුගලයේ ආධාරයෙන් ඒවා ඉගිළ ගොස් වැටේ. ගම්බද ජනතාව හොර ගසේ මුල තුවාල කරනු ලබයි. එවිට එයින් වැගිරෙන කිරි මැලියම් ගතියකින් යුක්ත ව වේළීමට භාජනය වෙයි. මෙම මැලියම් ගුරු පාටින් යුතු ව තදට වියළුණ විට දුම්මල මෙන් කුඩු කළ හැකි වේ. මෙම කුඩු අඟුරු මත ද දැමුව විට දුම්මල මෙන් දුම් මතු වේ. එය මදුරුවන්ට විෂ සහිත ය. ඒ නිසා මදුරුවන් ගහනය වැඩි කාලවල දී ගම්බද උදවිය මෙය දුම් ඇල්ලීමට යොදාගනී. කැකුණ ගසේ ද මෙවැනි ම මැලියම් වර්ගයක් හටගනී. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ හොර ගසක් මුලදී බුද්ධත්වය ලැබූ බව පැවසේ. වන සංරක්ෂණ කටයුතු යටතේ අද හොර ගස නැවත වන වගා කිරීමේ දී රෝපණය කරනු ලබයි. එහෙත් හෙළිපෙහෙළි කිරීම් නිසා එම හොර ගහනය දැනට අඩු ව තිබේ. හොරගස්මුල්ල, හොරපේ, හොරගස්මංකඩ යන ග්‍රාම නාම යෙදී ඇත්තේ නිකම් ම නොවේ. එම ප්‍රදේශයන්හි හොර වෘක්ෂය ඉතාමත් බහුල ලෙස ව්‍යාප්ත ව තිබෙන්නට ඇත.
Type of Genus – Dipteracarpaceae
Dipterocarpus zeylanicus, commonly known as Hora in Sinhalese and Sarala or Kiripalu, is a species of Dipterocarpus that is endemic to Sri Lanka. This tree, which grows well in tropical evergreen forests, is also a hard-core plant that grows very well in the wet zone. The leaf here is somewhat similar to the wild bread leaf but not so large. A hard rough texture can be seen on the outside and inside of the leaf. This tree is a tree with a single straight trunk that extends into the sky, as well as inheriting rigidity. The fruit of this tree has a pair of small feather-like petals that float in the wind and fall off and sprout somewhere. Then it begins to grow like a tree. The Hora tree also grows well in Pasdun Korale and Sinharaja. Meanwhile, in the southwestern wetlands as well. Although Sri Lanka is considered the motherland, the plant grows in India, Indo-China, Borneo and the Philippines. Botanists say that there are two types of Hora, which are called Hora and Bu-Hora. But these two types are the same. Surprisingly, the single-stemmed tree grows to a height of one hundred or two hundred feet, spreading its leaves. So is energy. Propagation is by seeds. The two leaves are like feathers on a false seed, so it flies in the wind and falls to the ground. That’s where it sprouts. The leaves of the fork are dark green and the veins are dense. A rough surface can be seen. The fake blade rests on a sheath. When the sheaths open, the shark spreads its leaves. Flowering of the trees usually begins in the months of February and March of the year. In one cluster there are two or three flowers that bear fruit. Once the fruit matures, they fly away with the help of the pair of feathers mentioned above. When the glue gathered from the milk of the tree dries hard, it can be crushed like gum. It is poisonous to mosquitoes. Therefore, the villagers use it for smoking during peak season. A similar type of glue is formed on the Kekuna tree. It is said that the Supreme Buddha Padumuthara first attained enlightenment near this tree. Today, under the Forest Conservation Act, the Hora tree is replanted in reforestation. But due to the revelations, the number of frauds has come down. The village names Horagasmulla, Horape and Horagasmankada are not just used.