දොඹ-Domba-புன்னை மரம்

ශාක කුලය - ගුටිෆෙරේ - Gutiferae

දොඹ ශාකය නාගකේශර කුලයේ ශාකයකි. කැලේපිලුම්  යන වචනය ග්‍රීක භාෂාවෙන් ගත් දෙයක් ය. එහි අර්ථය වන්නේ මනරම් හෙවත් ලස්සන යන්නයි. දොඹ ගසේ උද්භිද නාමය නිර්මාණය වී ඇත්තේ ගසේ අලංකාර බව ප්‍රධාන කොට ගැනීමෙන් ය. ශ්‍රී ලංකාව මව්බිම කරගත් දොඹ ගස තෙත් කලාපීය ප්‍රධාන වෘක්ෂයකි.දොඹ ගස ඕස්ට්‍රේලියාවේ ද දක්නට ඇති බව කියවෙන අතර නැගෙනහිර ඝර්ම කලාපීය රටවල ද මෙය ව්‍යාප්ත ව පවතී. දොඹ ගෙඩියේ පොත්ත සියොතුන්ට රසවත් කෑමකි. ඒ ඉදුණ පසුවයි. මාවවුලන් දොඹ ගෙඩියේ ලෙල්ල කෑමට මහත් ප්‍රිය බවක් දවයි. ඔවුන් දොඹ ගෙඩි තැන් තැන්වලට ගෙන ගොස් කා දමා ඇට බිම හෙළයි. ඒ නිසා දොඹ බීජ වවුලන්ගේ මාර්ගයෙන් තැන් තැන්වල වැටී පැලවීම සිදු වේ. දොඹ ගසක් මීටර් 20 ක් පමණ උසට වැඩේ. අතුපතර විහිදී වැඩෙන දොඹ ගස් යට හොඳ සීතලක් හා හොඳ සෙවණක් පවතී. දොඹ ගස වාසනාවන්ත වෘක්ෂයක් ලෙස සැලකෙන නිසා නිවෙස් ආශ්‍රිත ව දොඹ ගසක් වැවීම සුබදායක ය. දොඹ වෘක්ෂය සදාහරිත ඝනයට අයත් නිසා එය වාසනාව ළඟා කරදෙන ගසකි. මිනිසාට මෙන් ම සිවුපා සතුන්ට ද දොඹ ගස මහත් සෙතක් සලසයි. ඒ එහි ඇති ඖෂධීය ගුණයයි. දොඹ පුරාණ කාලයේ සිට යොදාගත්තේ කරත්ත සෑදීමේ කටයුතු සඳහා ය. මේ නිසා දොඹ ගසට හොඳ ඉල්ලුමක් ඇතිවුණි. දොඹ ගසේ ශක්තිමත් බව ඊට හේතුවයි. දොඹ ශාකය ජ්‍යොතිෂ විද්‍යාවට අනුව අස්ලිස නැකත හිමි වෘක්ෂයයි. මේ නිසා දොඹ ගසට ගැමියන්ගේ විශේෂ සැලකිල්ලක් දැක්වේ.

දොඹ ගසේ ව්‍යාප්තිය

දොඹ ගසේ ව්‍යාප්තිය සිදුවන්නේ එහි බීජ මගින් ය. දොඹ බීජයක් තල ඇටයක් තරම් විශාල ය. එය වටකුරු රවුම් හැඩයක් ගනී. මෙහි පිට පොත්ත තරමක් සවිමත් ය. කුමකින් හෝ තද කිරිම මගින් එම පොත්ත පුපුරුවා හැර ඇතුළේ මදය ගත හැකි ය. මෙම මද කොටස දොඹ තෙල් හිඳගැනීමට භාවිත කරයි. සාමාන්‍යයෙන් දොඹ බීජයක් පැළවීම සඳහා මාස තුනක් නැතහොත් තුනහමාරක් පමණ ගත වේ. දොඹ ශාකයේ මුදුන් මුල ඇති නිසා සුළඟටත් නියඟයටත් එක සේ ඔරොත්තු දීමේ හැකියාවක් ඇත.

ප්‍රයෝජන

දොඹ ගසේ ළපටි දලු හා ගෙඩි බෙහෙත් සඳහා පාවිවිචියට ගැනේ. ඇටවලින් මිරිකා ගන්නා යුෂ තෙල් බවට කකාරා කැඩුම් බිඳුම් සඳහාත් ගවයන්ගේ තුවාල ආදිය සඳහාත් යොදනු ලබයි. දොඹතැන්න, දොඹේමඩ, දොඹගම්මන, දොඹගහවෙල, දොඹගහවත්ත යන ග්‍රාම නාම විමසා බැලීමේ දී දොඹ ගසට අපේ රටේ විශේෂිත ස්ථානයක් හිමි ව තිබූ බව කිව හැකි ය.

Type of Genus – Gutiferae

Domba is a plant of the Nagakesara  genus. The word Calophyllum was borrowed from a Greek word which means beautiful. The Domba tree, native to Sri Lanka, is a major wetland tree. It is also found in Australia and is widespread in the Eastern tropics. The bark of Domba is a delicacy for the Zealots. That is after ripening. The Domba peel is very palatable. They take these nuts to places and eat them and throw the bones on the ground. Therefore, the seeds fall and germinate in places through the bats. A Domba tree grows to a height of about 20 meters. There is good coolness and good shade under the spreading Domba trees. Since this tree is considered a lucky tree, it is auspicious to grow a one around the house. The Domba tree is an evergreen tree that brings good luck. Further the Domba tree is of great benefit to humans as well as four-legged animals. That is its medicinal value. Domba is been used for cart making since ancient times. Due to this there was a good demand for the   tree. This is because of the strength of it. According to astrology, the Domba plant is an auspicious tree. Due to this the villagers pay special attention to this tree.

Spread of the Domba tree

The propagation of Domba is done by its seeds. A seed is as big as a sesame seed. It takes on a rounded shape. The outer bark is quite strong. By squeezing, you can peel off the bark and get the apricots inside. This small part is used to sit Domba oil. It usually takes about three or three and a half months for a seed to germinate. Due to the tops of the plant, it is equally resistant to wind and drought.

Benefits

The young leaves and fruits of the tree is used for medicinal purposes. The juice extracted from the bones is turned into oil and used to treat fractures and wounds in cattle. When conducting research around places such as; Dombathenna, Dombemada, Dombagammana, Dombagahawela, Dombagahawatta it is found that Domba had a special place in the country.