සියඹලා-Tamarind-புளியமரம்

ශාක කුලය - ලෙගියුමිනෝසේ - Legiuminosece

සියඹලා ගස වියළි කර්කෂ දේශගුණය ඔරොත්තු දෙන ශාකයකි. අතිවිශාල ලෙස අතු ඉති ලියා වැඩෙන සියඹලා ගස ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් ගසකි. සියඹලා ශාකය විශේෂයෙන් දක්නට ඇත්තේ වියළි කලාපයේ ය. එහෙත් තෙත් කලාපයේ ද තැනින් තැන දක්නට නැතුවා නොවේ. සියඹලා ගසේ කරල් වැඩිපුර හටගන්නේ වියළි දේශගුණය පවතින විටයි. ඊට හේතුව සියඹලා මල් හටගැනීමට කර්කශ දේශගුණයක් අවශ්‍ය වීමයි. සියඹලා ශාකය අපේ රටේ මුල් බැසගත් ශාකයක් නොවන අතර මෙය සංක්‍රමණික ශාකයක් ලෙස සැලකේ.

අපේ රටේ වැවෙන ඇඹුල් සහිත ගෙඩි කරල් බොහෝ ඇත. ඒ අතර ගොරක, දෙහි, අඹ, බිලිං, ඇඹුල් දොඩම් ප්‍රධාන වේ. මේ සියලු ඇඹුල් වර්ග අතරට එකතු වුණ සියඹලා ද ඇඹුල් සහිත කරල් විශේෂයකි. නමුත් සියඹලා ඇඹුල ශරීරයට ඉතාමත් අවශ්‍ය හිතකර ඇඹුලකි. සියඹලා කායම ශරීරයේ උෂ්ණය අඩු කොට මල ශුද්ධ කොට ආමවාතාදිය පහ කරන ගතියෙන් යුක්ත ය. ඒ නිසා දමිළ ජනයාත් මුස්ලිම් ජනයාත් සියඹලාවලින් හැදු කායම් බීමට පුරුදුව සිටිති. අලි සියඹලා කරල් කෑමට තද ආශාවක් දක්වති. ලුණු මිශ්‍ර කොට සියඹලා කොටා ගුළියක් වශයෙන් සාදා දුන් විට අලි ඊට බොහෝ කැමැත්ත දක්වති. අලි ගොවුවන් කියන්නේ එම සියඹලා කෑමෙන් අලින්ගේ බඩේ ඇති වාත ගති පහ ව යන බවයි. සියඹලාවල එම ගුණය ඇත. එසේ ම උලුක්කු තැළුම් පෙලුම් ආදිය ඇති විට සියඹලා කොළ කොටා ලුණු සමග මිශ්‍ර කොට ඉදිමුම් ප්‍රදේශයේ ගෑමෙන් ඉදිමුම් ගති අඩු වී යයි. සියඹලා ගසේ කොළය ඉතාමත් කුඩා ය. එය නාරටියක් දෙපසට විහිදී හැදෙන කුඩා කොළයකි. වන්නියේ අය ඉදල් හෝ බෝලත්ත වෙනුවට පාවිච්චියට ගන්නේ සියඹලා රිකිලි ටිකක් ලීයකට තබා බැඳ ගැනීමෙන් ය.

සියඹලා දලු ඇඹුල ඉතා ම රසවත් ය. මෙය කෑම රුචිය ඇති කරන හොඳ ඖෂධයකි. ඒ සදහා ගන්නේ රෝස පාටින් යුත් ළා සියඹලා දලුයි. දෙසැම්බර් මාසය පමණ වන විට කොළ හැලීමට පත් වන සියඹලා ගස නැවත දලු සහ මල් දැමීමට පටන්ගන්නේ පෙබරවාරි මාසයේ දී පමණ ය. සියඹලා මල ඉතා කුඩා ය. එය මල් මංජරියක් ලෙස (පොකුරක්) හැදේ. මල් කිනිත්තක මල් පනහක් හැටක් ඇත. මේ නිසා සියඹලා කරල් පොකුරක් ලෙසින් සෑදේ. සියඹලා කොළ තම්බා එම ඉස්ම ගෙන මඩ නිසා ඇති වන යටිපල්ලේ තුවාල සෝදා හැරීමෙන් ඒවා සුව වේ. මීට වැට එඬරු කොළ ද මිශ්‍ර කෙරේ. සියඹලා කරල් හැදුණ විට කුඩා ළමුන් ලුණුත් සමඟ ඒවා කෑමට ප්‍රිය බවක් දක්වති. එසේ වන්නියේ උදවිය රොටී කෑම සඳහා එම අමු සියඹලා මිශ්‍ර කර ලුණු මිරිස් සකසා ගනිති. තරමක් ඇට ඉදුණ (ඇට වැඩුණ) සියඹලා කරල ගොළු සියඹලා ලෙසින් හඳුන්වයි. ඇට මෝරා හොඳට පැසුණ සියඹලාවලට කියන්නේ ඇඹුල් සියඹලා කියා ය. ඒ වන විට ඉතා තද ඇඹුලක් එහි පවතී. මෙසේ මෝරා අවසන් වූ සියඹලා කරල ඉදීමට පත් වේ. ඒ වන විට තරමක් තද සියඹලා පොත්ත කරලේ මාංස කොටසින් වෙන් ව ලෙහෙසියෙන් ගැලවිය හැකි ය. එවිට ගමේ අය ඊට කියන්නේ සීනි සියඹලා කියායි. මේ සීනි සියඹලා ඇඹුල් රසින් තරමක් අඩු ය. එය ඉතා ප්‍රියජනක කෑමකි. සීනි සියඹලා කෑමට ළමුන් මහත් ප්‍රිය බවක් දක්වයි. මේ සීනි සියඹලා ගතියට පත් වන විට කරල් එක දෙක ගසෙන් වැටීමට පටන් ගනී. එහෙත් සියඹලා වේළීම සඳහා ගන්නේ ඉතාමත් හොඳට ඉදුණ පසු ය. හොඳට ඉදුණ සියඹලා ඇතුළ රත් පැහැ ගනී. ඉතාමත් හොඳින් ඉදුණ සියඹලා පැණි සියඹලා නමින් හඳුන්වයි. මෙම පැණි සියඹලා තත්වයට පත් වූ විට පොතු ගලවා සියඹලා කරල්වල මද කොටස පමණක් ගෙන වේලීම කළ යුතු ය. 

ප්‍රයෝජන

දේශීය වෛද්‍යවරු සියඹලා පොතු, කොළ, ඇට සහ ඇඹුල් කොටස නොයෙක් ව්‍යාධි සඳහා බෙහෙත් ලෙසින් ප්‍රයෝජනයට ගනී. එසේ ම වර්තමානයේ සියඹලා ආර්ථික වශයෙන් වැඩි වටිනාකමක් ඇති දේශීය රසකාරකයක් බවට පත් ව ඇත. එහෙත් අපේ රටේ වැවෙන සියඹලා ඉල්ලුම් සම්පූර්ණ කිරීමට අපොහොසත් නිසා පිටරටින් ද ගෙවීමට සිදුව ඇත.

Type of Genus - Legiuminosece

The Siyambala tree is a plant that tolerates dry harsh climates. The Siyambala tree, which grows with huge branches, is an economically viable tree. Siyambala is especially found in the dry zone. But it is not uncommon in the wet zone. The spikes of the Siyambala tree grow mostly in dry climates. This is because of the harsh climate required for the flowering of Siyambala. Siyambala is not a native plant to Sri Lanka and it is considered as a migratory plant. There are many sour fruit pods grown in our country. Among them Goraka, lime, mango, billing and sour oranges are the main ones. Among all these sour varieties, Siyambala is also a kind of sour pod. But the siyambala&rsquos tangy taste is a sour that the body needs most. Siyambala reduces body heat, purifies the stool and eliminates rheumatism. Therefore, both Tamils and Muslims are accustomed to drinking siyambala juice. Elephants have a strong desire to eat siyambala pods. Elephants love it when it is salted and ground into a paste. Elephant farmers say that the siyambala meal eliminates the air in the elephants stomach. Siyambala has that quality. Also, when there are sprains, crush the leaves of Siyambala and mix it with salt and apply it on the swollen area to reduce the swelling. The leaf of the Siyambala tree is very small. It is a small leaf that grows on either side of a vein. The people of the Vanni use siyambala shoots instead of idal or bolatta by binding them to a tree. Siyambala leaf is very tasty. This is a good appetite suppressant. For this purpose, light pink siyambala leaves are used. The Siyambala tree, which sheds its leaves around December, begins to shed its leaves and flowers again only in February. Siyambala flower is very small. It grows as an inflorescence (bunch). There are fifty to sixty flowers in a pinch. This causes the siyambala to form a cluster of spikes. Siyambala leaves are boiled and the juice is taken and the wounds caused by mud or dirt abrasions are washed away. Fence leaves are also added to this. When the siyambala pods are formed, small children like to eat them with salt. So the people of the Vanni mix the raw siyambala for bread and serve with salt and pepper. Slightly ripe (seed grown) siyambala is also known as dumb siyambala.

The well-ripened siyambalas are called sour siyambalas. At that point there is a very strong sourness. Thus the finished siyambala pods ripen. By that time, the slightly hardened bark can be easily removed from the fleshy part of the pod. Then the villagers call it sugar siyambala. These sugar siyambala pods are slightly less sour. It is a very tasty dish. Children love to eat sugary siyambala. As the sugar siyambala matures, one or two pods begin to fall off the tree. But siyambala is taken for drying only after it is very well ripened. The inside of the well-ripened siyambala turns red. Very well ripened siyambala is called sweet siyambala. When the honey becomes siyambala, peel it and take only a small part of the siyambala pods and dry it. Indigenous doctors use siyambala bark, leaves, seeds and sourdough as medicine for various ailments. Also, today Siyambala has become an economically valuable local flavor. However, due to the failure to meet the growing demand for siyambala in our country, we have to pay to import it as well.