මී-Mee-இலுப்பை மரம்

            මී ගස ශක්තිමත් වනස්පති වෘක්ෂ ගණයට අයත් වන ශාකයකි. මෙය අපේ රටේ ආවේණික ශාක ගණයට අයත් වන ගස් විශේෂයකි. මී ගසේ තරමක් කිරි ඇති නිසා එහි කහට පිපෙනසුලු බවක් දැකිය හැකිය. මෙහි කොළ, පොතු, මුල්, ගෙඩි, මල් හැම අංගයක්ම ප්‍රයෝජනයට ගැනීම සිදුවෙයි. මී ගස විශාල ඖෂධ වටිනාකමක් ඇති ශාකයකි.

 

            මී ගසේ ව්‍යාප්තිය සිදු වන්නේ එහි බීජ මඟින් ය. මී  ගෙඩි ඉදුණු පසු ඒවා කෑමට මාවවුලන් විශාල කැමැත්තක් දක්වයි. මී ගස් වල මා වවුලන් රෑන් වශයෙන් සිටිනු දැකිය හැකිය. මිනිසාට බොහෝ සෙයින් ප්‍රයෝජනය ගෙන දෙන මී ගස පුරාණයේ සිට ම ගැමියාගේ  විශේෂ සැලකිල්ලට පාත්‍ර වූ වෘක්ෂයකි. සමහර ප්‍රදේශ වල අති විශාල මී ගස් සංහිඳ ලෙසින්ද භාවිතයට ගනී . මෙම සංහිඳ යනුවෙන් හඳුන්වන්නේ දෙවියන් උදෙසා කොළ අතු රිකිලි එල්ලන ස්ථානයකි. එහිදී දෙවියන්ට කන්නලව් කිරීම සිදුවේ.

 

            මී ඇට තෙල් හිදීමට ගන්නා අතර මීතෙල් අතිවිශේෂ බෙහෙත් ඔසුවකි . කැඩුම් බිඳුම් වෙදකම සඳහා මී ගස නැතිවම බැරිය . මී පොතු ගස් වෙදකම සඳහා විශේෂ ඖෂධයකි. මී ඇටලින් හිඳිනු ලබන තෙල් බින්තැන්නේ උදවිය හඳුන්වන්නේ ඇටමියන්තෙල් යන නමින්ය . මී මල් පැණි රසින් යුක්තයි. ගැමියෝ මී මල් වියළා ඒවා හැලප මැදට පැනි පොල් සමඟ මිශ්‍ර කොට තබා තම්බා කෑමට ගනී. එය ගුණදායකයි. මී මල් සුදු පාටින් යුතු වුවත් ඒවා වියලා ගත් විට රන්වන් පැහැයක් ගනී. මී මල් යොදා සාදාගනු ලබන රොටී විශේෂයක් ඇත. එය මීක් රොටි ලෙසින් හඳුන්වනු ලබයි.

 

            මී ගසේ පංචාංගය සියලු රෝග සඳහා අවශ්‍ය වන අතර විශේෂයෙන් වාත රෝග සඳහා මී ගසේ ද්‍රව්‍ය යොදාගනී. මී ගෙඩි පොකුරු වශයෙන් හට ගනී. මී මල් පිපෙන්නේ පෙබරවාරි මාසයේ පමණ ය. මී මල් කාලයට මී වදවල හා බමර වදවල පැණි වැඩි බවට කතාවක් ඇත. වන්නි ප්‍රදේශවල ජනතාව මී කඩන්නේ මී මල් කාලයටයි. මී මල් පොකුරක මල් 20ක් හෝ 30ක් පමණ ඇත. එහි ගෙඩි දෙක තුනක පොකුරු ආකාරයට ගෙඩි හටගනී. ඉදුණ පසු වවුලන් පොත්ත විකා ඇට බිමට දමන අතර එම ඇට එකතුකර මී තෙල් හිඳ ගනී. මී ගස ඉන්දියාවට ලංකාවට විශේෂ වූ ශාකයකි.

 

ප්‍රයෝජන

 

            හන්දි වෙදකම සඳහා ප්‍රධාන වශයෙන් යොදාගනී. මී තෙල් ඉතාමත් ප්‍රයෝජනවත් ඖෂධීය තෙල් වර්ගයකි. මී තෙල් සඳහා ආදේශකයක් නැත. මී ගස අපට ආවේණික ශාකයක් නිසා වටිනාකම තවත් වැඩි වේ.

The Mee tree belongs to the genus of strong woody trees. This is a species of tree that is an endemic

plant genus belonging to our country. The Mee tree has some resin so you can see through its bitterness

if it is blooming. The leaves, bark, roots, fruits and flowers are all used here. The Mee tree is a plant

with great medicinal value.

Propagation of the Mee tree is by its seeds. Once the Mee fruits are ripe, macaws like to eat them. In

the Mee trees you can observe bats swarming. The Mee tree, which is of great benefit to man, has been

of special interest to the villagers since ancient times. In some areas, large Mee trees are also used as

symbolism. This sanctuary is a place where leaves and twigs are hung for God. There is a plea to God.

The Mee tree is essential for all ailments, especially the Mee tree material used for rheumatic diseases.

The Mee flowers form clusters. Mees bloom only in February. There is a story that wasp hives and

bumble bee hives near Mee trees have more honey during the flowering season. People in the Wanni

region pick Mee flowers during the Mee flowering season. A cluster of Mees has about 20 or 30

flowers. Fruits in clusters of two to three. After ripening, the shells are thrown to the ground, where the

seeds are collected and used to produce essential oils. The bee tree is a plant unique to India and Sri

Lanka.

Mainly used for joint issues. Mee oil is one of the most useful medicinal oils. There is no substitute for

it. The Mee tree adds value because it is an endemic plant to us.