අඹ-Mango-மா மரம்

ශාක කුලය - අන්කාඩියේසියේ - Ancardiaeeae

 

අඹ අපේ රටේ ඉතා හොඳින් වැවෙන්නා වූ ප්‍රයෝජනවත් ගස් වර්ගයක් වන අතර අපේ රටට ආවේණික වූ අඹ වර්ග කීපයක් මෙහි ඉතාමත් ප්‍රචලිත වූ පලතුරු ලෙසින් හඳුනාගෙන ඇත. ඒවා නම් මී අඹ, වලු අඹ, පෙට්ටි අඹ හා ඇටඹ යන අඹ වර්ගයි. මීට අතිරේකව දැනට අපේ රටේ ව්‍යාප්ත වී ඇති අඹ වර්ග බොහොමයක් පිටරටින් ගෙන්වා මෙහි බද්ධ කර නිපදවාගත් අඹ වර්ගයන් ය. වර්ෂයකට දෙවරක් ඵල දරන අඔ ඉතා මිහිරි පලතුරක් ලෙසින් ජනතාව අතර ප්‍රයෝජනයට ගැනේ. දකුණු ආසියාවේත් සමහර යුරෝපා රටවලත් වෙනස්කම්වලට භාජනය කරන ලද අඹ වගා කෙරේ. එහෙත් ඉන්දියාව, මලයාව, චීනය, මැලේසියාව, ලංකාව යන රටවල ඉතාමත් ප්‍රචලිත වගාවක් ලෙසින් අඹ වගාව ව්‍යාප්ත ව ඇති.

 

සාමාන්‍ය අඹ ගසක් මීටර් තිහක් නැත්නම් හතළිහක් පමණ උසට වැඩෙන අතර අතුපතර විහිදී ඉතා විශාල ලෙස වර්ධනය වේ. අතු අග හටගන්නා පුෂ්ප මංජරියේ අති විශාල පුෂ්ප සංඛ්‍යාවක් හටගන්නා අතර ඒ හැම මලක ම බීජයක් ද හටගනී. එහෙත් ඉන් පරිණත තත්වයට වැඩී ගෙඩි හටගන්නේ ඉන් අඩු

ප්‍රමාණයකයි. අඹ ගෙඩියේ මදය අගල් 1/2 ක් පමණ ඝනකමින් යුක්ත වන අතර එහි මධ්‍ය කොටසේ පිහිටි අඹ ඇටය නැවත පැළවීම තුළින් පැළ හටගනී. සාමාන්‍ය අඹ බීජයක් පැළවීම සඳහා දවසක් පමණ ගත වේ. "මැන්ජිපෙරා ඉන්ඩිකා" නමැති උද්භිද නාමයෙන් හඳුන්වන අඹ ලෝකයේ බොහෝ රටවල ප්‍රසිද්ධ ව ඇත්තේ මිහිරි පලතුරක් වශයෙන් ය. (Mangifera indica) 

 

අඹ පත්‍ර තද ගතියෙන් යුක්ත වන අතර අඹ පත්‍රයක් 34 cm පමණ දික් වේ. එය දිගටි හැඩයෙන් යුක්ත වන අතර පළල 7 cm පමණ වේ. එහෙත් ඒ ඒ අඹ වර්ගයන්ගේ පත්‍ර සහ ගෙඩි විවිධ හැඩ ගන්නා අතර ගස්වල වර්ධනය ද විශේෂ වෙනස්කම් දක්වයි. මින් ඇටඹ වර්ගයේ අඹ කොළ සහ මල් විශේෂ හැඩයක් ගනී. ඉංග්‍රීසි භාෂාවෙන් මැන්ගෝ (Mango) යනුවෙන් හඳුන්වනු ලබන අඹ අයත් වන්නේ ඇන්කාඩියේසියේ (Ancardiaeeae) පවුලටයි. ඉන්දියාවේ ජාතික පලතුරක් ලෙසින් පිළිගෙන ඇති අඹ පාකිස්තානය හා පිලිපීනය යන රටවල ද ප්‍රධාන පලතුරක් ලෙසින් භාවිතයට ගනී. අප්‍රිකාව, බ්‍රසීලය, පෘතුගාලය යන රටවල ඇති අඹ ප්‍රභේද ඉතා ලස්සන ගෙඩි හටගන්නා ප්‍රභේද විලසින් දැක්වේ. අපේ රටේ වැවෙන බොහෝ අඹ වර්ග විවිධ රටවලින් ගෙනවිත් මෙහි බෝ කරගත් අඹ වර්ග වන අතර එම අඹ වර්ගවල මිල මට්ටම ඉහළ තලයක ඇති නිසා වගා කිරීමේ දී එම උසස් වර්ග වගා කිරීමට උනන්දුවක් දක්වයි. මෙහි වඩාත් වැඩිපුර වගා කෙරෙන වර්ග ලෙසින් හඳුන්වා දී ඇත්තේ 'කර්තකොළොම්බාන්' යන වර්ගයත් 'විලාඩ්' යනුවෙන් හඳුන්වන වර්ගයත් ය. 

 

ලංකාවේ දැනට පර්යේෂණ මට්ටමින් අඹ වගා කරන ගොවිපළ කීපයක් ඇති අතර ඉන් ප්‍රධාන තැනක් ගන්නා පැල්වෙහෙර හා වල්පිටත් මහවැලි ව්‍යාපාරය යටතේ පවත්නා වගා භූමිත් විශේෂ අඹ වර්ග ව්‍යාප්ත කර ඇත. ආදායම් ගෙන දෙන වගාවක් වූ අඹ අනාදිමත් කාලයක සිට අපේ රටේ ජනප්‍රිය ශාකයක් බවට පත් ව තිබේ. සාමාන්‍ය අඹ පොකුරක අඹ ගෙඩි දහයක් තරම් හටගනී. ලොකු අඹ වර්ගවල එය දෙකක් තුනක් තරම් වේ. එහෙත් ඇටඹ, වලු අඹ, මී අඹ හා විලාඩ් යන වර්ගයන්ගේ ඵල හටගැනීම ඉතා වැඩි බවක් පෙන්වයි. ඒවා සාමාන්‍ය පොකුරක ගෙඩි පහළොවක් නැත්නම් විස්සක් පමණ වේ.

 

ව්‍යාප්තිය

ශ්‍රී ලංකාවේ පහතරට මෙන්ම උඩරටත් වියළි කලාපයේත් අඹ ගස හොඳින් වැඩේ. එහෙත් අධික ශීතල ඇති නුවරඑළිය ආදී ප්‍රදේශවල අඹ ශාකය එතරම් හොඳින් වර්ධනයක් දක්නට නැත. එසේම අධික උෂ්ණය ඇති වසරේ වැඩි කාලයක් වියළි බවින් යුත් ප්‍රදේශවලත් අඹ ශාකය එතරම් හොඳින් වැඩෙන්නේ නැත. එහෙත් අඹ ශාකය වියළි දේශගුණය ප්‍රිය කරන ශාකයක් බව කිව යුතුය.

 

Type of Genus - Ancardiaeeae

Mango is one of the most widely grown and useful trees in our country and some of our native

mangoes have been identified as the most popular fruits here. These are bee mango, wild mango, box

mango and atamba. In addition, most of the mangoes that are now widespread in our country are

imported and grown here. Mango, which bears fruit twice a year, is used by the people as a very sweet

fruit. Mangoes are grown in South Asia and some European countries. However, mango is one of the

most popular crops in India, Malaya, China, Malaysia and Sri Lanka.

The average mango tree grows to a height of about 30 to 40 meters and grows very large with

spreading leaves. The inflorescence at the end of the branch produces a large number of flowers, each

of which produces a seed. But as the tree matures, it gradually produces smaller fruit. The apricot

kernel is about 1/2 inch thick and sprouts from the re-sprouting of the mango seed in the center. The

average mango seed takes about a day to germinate. Mango, popularly known as "Mangifera indica", is

a popular sweet fruit in many parts of the world. (Mangifera indica).

Mango leaves are stiff and grow upto about 34 cm long. It is oblong in shape and about 7 cm wide. But

the leaves and fruits of each mango variety take different shapes and the growth of the trees also shows

special differences. The mango leaves and flowers of the Atamba type have a special shape. Mango,

also known as Mango in English, belongs to the Ancardiaeeae family. Recognized as a national fruit of

India, mango is also used as a staple fruit in Pakistan and the Philippines. Mango varieties from Africa,

Brazil, and Portugal are listed as the most beautiful fruiting varieties. Many varieties of mangoes grown

in our country are imported and bred here and we are interested in cultivating those varieties as the

price level of those mangoes is high. The most widely cultivated varieties are Karutha Columban and

Vilat.

There are several mango farms in Sri Lanka which are currently under research level, of which

Pelvehera and Walpita, which are the main ones, have expanded the existing cultivated lands under the

Mahaweli Project. Mango, a lucrative crop, has been a popular plant in our country since time

immemorial. The average mango cluster produces as many as ten mangoes. In large mangoes it is about

two to three. But the yield of Atamba, Walu Mango, Mee Mango and Vilad is very high They are about

fifteen or twenty nuts in a typical bunch.

The mango tree grows well in the lowland as well as upcountry dry zone of Sri Lanka. However, in

areas such as Nuwara Eliya where it is very cold, the mango plant does not grow well. Also, the mango

tree does not grow well in dry areas with year-round high temperatures. But it must be said that mango

is a plant that prefers dry climates.