මහෝගනී-Mahogoni-மலைவேம்பு

ශාක කුලය - මෙලියාසියේ - Meliaceae

 

ඝර්ම කලාපීය ශාකයක් වන මහෝගනී ගස ඇමෙරිකාවේ උතුරු හා දකුණු දිග මව්බිම කරගත් ශාකයකි. මෙය ලංකාවට ආගන්තුක ගසකි. දේශගුණයට ගැළපෙන නිසා මෙහි මෙම ශාකය බෝ කරන ලද්දේ 1849 වර්ෂයේ දී බැව් සඳහන් වේ. මුල් ම ශාකය යාපනයේ රෝපණය කරන ලද බැව් කියවේ. මෙහි සියලුම කොටස් කටුක තිත්ත රසයෙන් යුක්තයි. කිසි ම ඖෂධීය යොදාගැනීමක් සිදුනොවේ. මෙලියාසියේ කුලයට අයත් මහෝගනී ශාකය අතුපතර විහිදී ඉතා විශාල ලෙස කඳ මහත් ව වැඩෙන සුවිසල් ශාකයකි. 

 

කියුබාව, හොන්ඩියුරාසය, ජැමෙයිකාව, බටහිර ඉන්දීය කොදෙව්, මැක්සිකෝව, ඉන්දියාව, බුරුමය, මැලේසියාව මහෝගනී ගස වගා කරන රටවල් අතර ප්‍රධාන ය. මෙම ශාකය ඉන්දියාවේ මාර්ග දෙපස සෙවණ සඳහා වගා කර ඇති බැව් පැවසේ. අපේ රටේ ද ඇතැම් මාර්ග දෙපස මහෝගනී වගා කර ඇත. මහෝගනී වර්ග දෙකක් දක්නට ලැබේ. මින් එක් වර්ගයක පත්‍ර මහනින් යුතු වන අතර අනෙක් වර්ගයේ පත්‍ර තරමක් හීනි ස්වභාවයක් ගනී. මහෝගනී ශාකය රජයේ රක්ෂිතයන්හි ඉතා විශාල ලෙස වැඩී තිබේ. වට අඩි 10 තරම් වූ ගස් අලව්ව ප්‍රදේශයේ හබ්බෙලි කන්ද කැලයේත් කුරුණෑගල ඕමාරගොල්ල වනයේත් දක්නට හැකි ය. මෙහි බීජය සුළගේ පාවී යාම සඳහා සැකසී ඇත. බීජය දැවටී ඇති හුළං පෙත්තක් වැනි පියල්ල බොහෝ දුර සුළගේ පාවේ. ගෙඩිය හල් ගෙඩියක් තරම් විශාල ය. ඝනකම් පොත්ත ගෙඩිය වියලී ගිය විට පුපුරා ගොස් බීජ හුළං ⁣පෙත්තක් සමග පාවී යයි.මෙසේ පාවී ගොස් බිම පතිත වූ තැන පැළ වේ. 

 

මහෝගනී ගසක් මෝරා වැඩීමට වසර 20 ක් පමණ ගතවේ. මීටර් 30 ක් පමණ උසට ගස වැඩේ.ලොකු අතු පතර හටගනී. පත්‍ර බූටෑවක් තුරුහිස දැකිය හැකිය.පත්‍ර තද හරිත වර්ණයි. පත්‍රය නොදිරන සුලුයි. එසේ ම ලිස්සා යන ගතියකින් ද යුක්තයි.මෙම මහෝගනී ශාකයේ පැළය තනි කෙලින් අහසට වැඩෙන ශාකයකි. මහෝගනී ගස ඇටුවන් හෙවත් රුකුල් මුලින් යුක්ත වේ. මහෝගනී පත්‍රයක් 25 cm ක් 30 cm ක් පමණ දිග් වේ. පත්‍ර රිකිලිවල සමාන දුරකින් හටගනී. පත්‍රය මදක් දිගටි වටකුරු හැඩයක් ගන්නා අතර පත්‍ර අග්‍රය උල් ස්වරූපයක් ගනී. මහෝගනී කොළයේ මුදුන් නාරටිය පිහිටා ඇත්තේ අනෙක් ශාකවල මෙන් මැදින් නොව තරමක් පැත්තකට වන්නටයි. එය අමුතු ස්වරූපයකි. පත්‍රයේ වටය දාර නොමැත. පත්‍ර නාරටි උස්ව පිහිටා නැත. නොවැම්බර් දෙසැම්බර් මාසවල සම්පූර්ණයෙන් කොළ හැලී අලුත් දලු දමා නැවත වැඩීම ආරම්භ වේ. ඒ සමග ම මල් ද හටගනී. මෙම කොළ හැලීම වර්ෂාව අධික නම් තරමක් ප්‍රමාද වේ.

 

රිකිලිවල හටගන්නා මල් පොකුරක මල් 15 ක් 20 ක් පමණ ඇත. මලක මණි පත්‍ර 5 කි. අණ්ඩාකාර හැඩයේ මල් පෙති පහක් ද වේ. මල ළා කොළ මිශ්‍ර කහ පැහැයක් ගනී. මෙම මල රබර් මලට සමාන සුවඳක් ඇත. මල් සමයට මී මැස්සෝ බොහෝ සේ එකතු වේ. මල් අතිවිශාල සංඛ්‍යාවක් පිපුණත් ගෙඩි හටගන්නේ අල්ප වශයෙනි. මහෝගනී ගෙඩිය 15-16 cm ක් පමණ දිග් වේ. ගෙඩියේ පුපුරා යන දාර පහක් ඇත. බීජ සම්බන්ධ මැද නාරටියෙන් බීජ පෙති ගැලවී යන්නේ පොත්ත පුපුරා ගිය විටයි. එක් පැත්තක බීජ 12 ක් 15 ක් තරම් ඇත. ප්‍රචාරණය සුළගින් සිදු වේ. දැනට මැහෝගනී වගා ව්‍යාපෘති ඇත. එය සිදු කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. මිල කළ හැකි ශාකයක් නිසා ලාංකීය ජනතාව මැහෝගනී වගාකරනු ලබයි.අපේ රටේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වන වගා බොහොමයක මැහෝගනී ශාකය දැකිය හැකි ය.

 

Type of Genus - Meliaceae

Mahogany is a tropical plant native to the north and south of the United States. This is a tree that is

foreign to Sri Lanka. It is said that this plant was bred here in the year 1849 due to its climate. It is said

that the first plant was planted in Jaffna. All the parts here have a bitter taste. There is no

pharmacological use. Mahogany belongs to the genus Meliaceae.

Cuba, Honduras, Jamaica, West Indies, Mexico, India, Burma and Malaysia are the major mahogany

growing countries. The plant is said to be grown for shade on both sides of roads in India. In our

country, mahogany is also grown on some roadsides. There are two types of mahogany. One has

smooth leaves and the other type is slightly thinner. Mahogany is widely grown in government natural

reserves. Trees up to 10 feet in circumference can be found in the Habbeli Kanda forest in the Alawwa

area and in the Omaragolla forest in Kurunegala. Here the seed is set to float in the wind. The wings

have been shown solely to give a sense of proportion. The fruit is as big as a hull nut. When the thick

bark dries, it explodes and the seeds float in the air with wings- using the blade like wings, the seeds

spiral through the air as they fall from the tree.

A mahogany tree takes about 20 years to mature. The tree grows to a height of about 30 m. It has large

branches. The leaves are dark green in color. The leaf is non-perishable. It is also slippery. This

mahogany plant grows in a single straight sky. The mahogany tree has a stalk or root. A mahogany leaf

is about 25 cm by 30 cm long. Occurs at equal distances from leaf shoots. The leaf is slightly oblong

and rounded and the apex is pointed. The apex of the mahogany leaf is slightly sloped, not forming in

the middle like other plants. It is a strange sight. The leaf has no round edges. Leaf veins not located

high. In November-December, the leaves completely fall off and new leaves begin to grow again. At

the same time the flowers appear. This leaf shedding is slightly delayed if the rainfall is heavy.

There are about 15 to 20 flowers in a cluster of shoots. 5 petals on a flower. There are also five ovate

flower petals. The flowers are light yellow mixed yellow. This flower has a scent similar to a flower

from the rubber tree. Bees contribute a lot to the flowering season. Although the flowers bloom in large

numbers, the fruits are sparse. The mahogany fruit is about 15-16 cm long. The nut has five bursting

edges. The petiole or leaf stalk escapes from the midrib connected to the seed when the bark bursts.

There are about 12 to 15 seeds on one side. Propagation is by wind. There are currently many

mahogany cultivation projects in Sri Lanka. The cultivation is done by the Forest Department.

Mahogany is cultivated by the people of Sri Lanka as it is a valuable plant. Mahogany can be found in

many forest plantations such as the ones located in the Kurunegala District.