කිරල-Mangrove Apple-கிண்ணை மரம்

කිරල පඳුරු ලෙසින් වැඩෙන ශාකයකි. මෙය ජලය රඳන ස්ථානවල වැවෙන අතර කිරල ගසේ හටගන්නා ගෙඩි රසවත් පලතුරක් ලෙසින් භාවිතයට ගැනේ. දකුණු පළාතේ ගංගා ආශ්‍රිත ව කිරල දැකිය හැකි ය. සාමාන්‍යයෙන් කිරල ගෙඩිය සමාන වන්නේ ජලය ආශ්‍රිත ව හැදෙන ගොං කදුරු ගෙඩිවලටයි. කිරල ගසක් සාමාන්‍යයෙන් මීටර් අටක් හෝ දහයක් උසට වැඩේ. අතුපතර විහිදී පඳුරක් ලෙසින් වැඩෙන කිරල බෝවීම සිදුවන්නේ ගෙඩියේ ඇතුළේ හටගන්නා බීජ මගින් ය. වවුලන් ආදී සතුන්ගේ හා කොහෝ ආදී පක්ෂීන්ගේ මාර්ගයෙනුත් කිරල ව්‍යාප්තිය සිදු වේ. ඊට අමතර ව කිරල ගෙඩි ජලයේ පාවී යාමෙන් බීජ සංසරණය අනුව ගසේ ව්‍යාප්තිය සිදු වේ. මෙය පලතුරක් ලෙස ළමුන් හා වැඩිහිටියන් කෑමට ප්‍රිය කරති. වැට ඇහිරීම සඳහාත් ඉස්සන් කොටු තැනීම සඳහාත් කිරල කෝටු භාවිතයට ගනු දැකිය හැකි ය. පහතරට තෙත් කලාපීය ප්‍රදේශවල ගංගා, ඇළ දොළ ආශ්‍රිත ව දැකිය හැකි ය. මෙම ජලාශ්‍රිත ශාකය මැඩගස්කාර්, මැලේසියා, ඉන්දියා කොදෙව් හා ඉන්දියාවේ ද දක්නට පුළුවන. කිරල පලතුරු බීම වශයෙන් සැකසේ. ඉදුණු විට ගෙඩියේ පොත්ත රතු පාටට හුරු තැඹිලි පාටක් ගනී. හොදින් ඉඳුණ විට ගෙඩියේ පොත්ත එබෙනසුලු වේ. ව්‍යාපාරික ලෙසින් ප්‍රයෝජනයට නොගන්නා ගෙඩි වර්ගයකි. එහෙත් කිරල ගසේ කෝටු නොයෙක් කටයුතු සඳහා යොදාගැනීම නිසා ප්‍රයෝජනවත් බව වැඩි වී ඇත. එසේම ඇළ දොළ ඉවුරු ඛාදනය අඩු කරන මුල් රාශියකින් යුත් ශාකයකි. කිරල පත්‍රය තරමක් දිගටි හැඩයක් ගනී. මෙහි පසුපැත්තේ නාරටි විහිද ගිය ආකාරය දැකිය හැකි ය. කොළයේ මතුපිට දිලිසෙනසුලු කොළ පැහැයෙන් යුක්තයි. හරිත වර්ගයේ පැළෑටියක් වන කිරල සෙවණ දී අතුපතර බොහෝ සේ වැඩේ. අවුරුද්ද මුළුල්ලේ ම වැඩෙන ශාකයකි. කොළ වියළීමක් හෝ හැලීමක් සිදු නොවේ. මල් මංජරියක් ලෙසින් හටගනී. කිනිත්තක මල් හයක් හෝ හතක් වේ. පෙති පහකින් සමන්විත මල දොඩං මලකට සමාන ය. කෘමි සතුන් මඟින් පරාගනය සිදු වේ. සාමාන්‍යයෙන් කිරල ගෙඩියක් පැසී ඉදීමට මාස තුනක පමණ කාලයක් ගතවේ. විශේෂයෙන් කිරල ගෙඩි කෑමට කැමැත්ත දක්වන්නේ වවුලන් ය. කිරල බොක්ක, කිරම, කිරලගොඩ කිරල නිසා ඇති වූ ග්‍රාම නාම ලෙසින් දැකිය හැකි ය.

ප්‍රයෝජන

වැටකඩොලු අභිරීම සඳහා කෝටු ලෙසින් ප්‍රයෝජනයට ගැනීම සිදු කෙරේ. පලතුරක් ලෙසින් මෙහි ඉදුණු ගෙඩි බීම සඳහා සකසා ගත හැකි ය. අත්පා කැපී තුවාල සිදු වූ විට අමු කහ සමග තළා කිරල දලු බැඳීමෙන් තුවාල සුව වේ.

Mangrove Apple is also known as Cork. Cork is a shrub. It grows in waterlogged areas and the fruit of the cork tree is used as a tasty fruit. It is known as Kirala locally. Kirala can be seen along the rivers in the Southern Province. Cork is generally similar to that of water-bearing gong nuts. A cork tree usually grows to a height of eight or ten meters. The corolla, which grows as a deciduous shrub, is propagated by seeds inside the fruit. The seeds also spreads through animals such as bats and birds such as coho. In addition, the corolla or petals floats in the water, dispersing the seed and assuring propagation of the cork tree. This fruit is a favorite of children and adults alike. Cork branches can be used to erect fences and to make prawn cages. The branches are used as poles for demolition or construction of buildings. Rivers and streams in lowland wetlands. This aquatic plant is also found in Madagascar, Malaysia, the West Indies and India. Mangrove apple is consumed fresh or is prepared as a fruit drink. When ripe, the bark turns reddish-orange. When well ripened, the fruit peels off. It is a type of nut that is not used commercially. However, the use of cork sticks for various purposes has increased its usefulness. It is also a plant with many roots that reduces river bank erosion. As a fruit, ripe fruit can be prepared for drinking. In case of amputation of limbs, the wound is healed by crushing the cork leaves with raw turmeric. The petals of the Mangrove Apple flowers are slightly elongated. The veins extend to the back. The surface of the leaf is shiny green. The Mangrove Apple is a green plant that grows well in the shade. It is a plant that grows all year round. The leaves do not dry out or shed. Mangrove Apple flowers occur as an inflorescence which is the complete flower head of a plant including stems, stalks, bracts, and flowers. There are six or seven pinnate flowers. The five-petalled flower resembles an orange. Pollination of the Mangrove Apple is done by insects. It usually takes about three months for a cork to ripen. Bats are especially fond of eating coriander. Kirala Bay, Kirama, Kiralagoda can be seen as village names due to the Kirala/Cork tree.