කැන්ද-Roxb-வட்டக்கன்னி

ශාක කුලය - ඉයුපෝබියාසේ - Euphorvaceae

කැන්ද ගස අපේ රටේ ආවේනික ශාක ගනයට අයත් වන ගස් විශේෂයකි. පත්‍රය තරමක් විශාල වු කැන්ද ගස තෙත් කලාපය තුළ දක්නට ලැබෙන ශාකයකි. මෙය උස් ව හා විශාල ව වැඩේ. මැකරැන්ගා පැල්ටේටා යන උද්භිද නාමයෙන් හඳුන්වන කැන්ද ගස අයත් වන්නේ ඉයුපෝබියා ශාක කුලයටයි. කැන්ද ප්‍රභේද තුනක් ඇති බව සඳහන් වේ. ‘රත් කැන්ද’ නැටි රතු වර්ගය වශයෙන් ද ‘පත් කැන්ද’ කොළ පළල් වර්ගය ලෙසින් ද ‘මුදු කැන්ද’ පත්‍රය තරමක් කුඩා වර්ගය වශයෙන් ද එම වර්ග තුන නම් කර ඇත. කැන්ද ව්‍යාප්තිය සිදුවන්නේ එහි බීජ මගින් ය. සාමාන්‍ය කැන්ද ඇටයක් ගම්මිරිස් ඇටයක් තරම් විශාල ය. වටකුරු ය. එය ජලයේ පාවෙන සුලු ය. 

සිංහල - කැන්ද

මරාති - චන්දු

දෙමළ - මොට්ටකානි

මලයාලම් - අප්පිලා

යනුවෙන් හඳුන්වන කැන්ද ශාකය ඒ හැම රටක ම වැඩෙන්නා වූ ගසකි. මුහුදු මට්ටමේ සිට අඩි 1500 දක්වා කැන්ද ගස හොඳින් වැඩීම සිදු වේ. සාමාන්‍ය කැන්ද ගසක් අඩි 60 ක් 70 ක් තරම් උසට වැඩේ. කැන්ද ඇට සතුන්ගේ (විශේෂයෙන් කුරුල්ලන්ගේ) මාර්ගයෙන් සෑම තැන ම පැළ වී ඇති සැටි දැකිය හැකි ය. පැතලි කැන්ද පත්‍රය අණ්ඩාකාර ය. එහි අග්‍රය තුඩක් මෙන් දිස් වේ. මැද නාරටිය පටන් ගන්නේ නටුව පත්‍රය ඇමිණී ඇති මධ්‍යයේ සිටයි. එය කැන්ද පත්‍රයට විශේෂී වූ පිහිටීමකි. කැන්ද පත්‍රයේ නටුව 18 cm ක් පමණ දිග් වේ. පත්‍රයේ දාරය කඩතොලු නැත. සමමට්ටමට දිස්වේ. කැන්ද මල ඉතා කුඩා ය. කොළ නැටි මුල්වල පොකුරු ලෙසින් කෘමි හටගනී. ඒක ලිංගික පුෂ්ප කුඩා කෘමි වර්ගවලින් පරාග වී බීජ ඇති වේ. මෝරා වැඩුණ කැන්ද ගසේ පිට පැත්ත අළු පාටින් යුක්තයි. පොත්ත ගැසූ විට ඇතුළ රත් පැහැයට දිස් වේ. කැන්ද පොත්ත තලා එම කහට සමග දත් කැක්කුමට තැබීම කරනු ලබයි. සමහර අය කැන්ද මැලියම් නොයෙක් දේ ඇලවීම සඳහා භාවිතයට ගනී. 

ප්‍රයෝජන

කැන්ද කොළ නොයෙක් වර්ගයේ රස කැවිලි සෑදීමට ප්‍රයෝජනයට ගනී. විශේෂයෙන් ගමේ කුරහන් හැලප හැදීමේදීත් වණ්ඩු ආප්ප සෑදීමේදීත් කැන්ද කොළ අවශ්‍ය වේ. කැන්දගොල්ල, කැන්දලියද්ද, කැන්දහේන, උඩකැන්දවල. කැන්දලියද්දපාළුව, කැන්දගහ හේන, කැන්ද පිල්ලෑව ආදී ග්‍රාම නාම සැදී ඇත්තේ කැන්ද ගස මුල්වීමෙන් ය. 

Type of Genus –  Euphorbiaceae

The Kanda tree is a species of tree endemic to Sri Lanka. The foliage is a slightly larger plant that grows in the wet zone. This grows taller and bigger. The kanda plant, also known as the Macaranga peltata, belongs to the genus Euphorbiaceae. There are said to be three varieties of Kanda. The three varieties are named as Rath Kanda as red variety, Path Kanda as green variety and Mudu Kanda as a slightly smaller variety. Kanda propagation is by its seeds. An average seed is as large as a peppercorn. It is round and can be found floating in water. Kanda is a tree that grows in all climates. The tree grows well up to 1500 feet above sea level. The average tree grows to a height of 60 to 70 feet. Seedlings can be seen spreading everywhere by animals (especially birds). The flattened stalk is ovate. Its apex looks like a tip. The midrib begins at the center of the stalk. It is a location specific to the Kanda leaf. The length of the stalk is about 18 cm long. The edge of the leaf is not cracked. Appears flat. The flower is very small. Insects form clusters on the leaves and roots. Unisexual flowers are pollinated by small insects that produce seeds. The outer surface of the shark is gray. When peeled, the inside turns red. The bark is crushed and applied to the toothache with the same infusion. Some people use the resin to glue things together. Kanda leaves are used to make a variety of sweets. Kandha leaves are especially needed in the making of Kurahan Halapa and Wandu hoppers in the village. Kendagolla, Kandaliyadda, Kendahena, Udakandawala. Village names such as Kandaliyaddapaluwa, Kandagaha Hena and Kenda Pillawa are derived from the origin of the Kanda tree.