වීර-Weera-வீரை

ශාක කුලය - යුෆෝර්බියා - Euphobia

අපේ රටේ වියළි කලාපයේ පමණක් ඉතා හොඳින් වැඩෙන ශාකයකි. මෙය අනුරාධපුර, පොළොන්නරු, මුලතිව් ආදී කැලෑබද ප්‍රදේශවලත් හම්බන්තොට, තණමල්විල, උඩවලව ආදී ප්‍රදේශවලත් දැකිය හැකි ශාකයකි. වීර කෝටු මැහි බැඳීමටත් ගෙවල් වරිච්චි කිරීමටත් යොදාගනී. වීර පත්‍රය අග ඕවලාකාර හැඩයක් ගනී. එය 5cm ක් පමණ දිග් වන අතර පළල 3cm ක් පමණ වේ. ශාක පත්‍රය බොහෝ සේ ඝන බවක් පෙන්වයි. කොළයක් පොඩි කරන විට ටක් ටක් ගා කැඩේ. පත්‍ර එකිනෙක යාව වර්ධනය වන නිසා තුරු වියන ඝන ව වැඩේ. වීර ගස් බොහෝ ඇති තැන්වල භූනිම්බ හෙවත් බිං කොහොඹ වැඩෙන බව ගැමි විශ්වාසයකි. වීර ගස ඇටුවම් බහුල ශාකයකි. වීර ගස්වල මී බඳින බව ගමේ අයගේ අදහසයි. වීර ගසේ මල් හටගන්නේ අප්‍රේල් මැයි මාසවල දී ය. වීර මල් කාලයට ද මී වදවල බොහෝ සෙයින් පැණි පිරෙන බව කියැවේ. වීර අපේ දේශීය පලතුරකි. ගෙඩිය රවුම් ව වටකුරු ව හැදේ. හොඳට වැඩුණ වීර ගෙඩියක් තිබ්බටු ගෙඩියක් තරම් ය. ඉතාමත් හොඳින් ඉදුණ වීර ගෙඩිය රතු පාටින් යුක්තයි. පැණි රස ඉතා වැඩියි. වීර මල් හටගන්නේ අතු අග හරියේ ය. වීර අතු ශක්තිමත් නැත. ගෙඩි බොහෝ සේ හැදුණ අතු කඩා වැටෙන අවස්ථා ද නැතුවා නොවේ. වීර ගසක් සාමාන්‍යයෙන් අඩි විසිපහක් නැත්නම් තිහක් පමණ උසට වැඩේ. වීර ගස ඈතට දිස්වන විට ඉතා අලංකාරයි. එය නිර්මාණාත්මක ශාකයකි. එක ම වීර ගසකවත් තනි කඳක් දක්නට නැත. වන්නියේ බොහෝ පිරිස් රාත්‍රි කාලයට ගමන් සඳහා හුළු එළි ලෙසින් භාවිතයට ගන්නේ වීර කෝටු මිටියකි. ඉතා හොඳින් වියළුණ වීර කෝටු ගිනි පන්දමක් ලෙසින් දැවේ. මේ නිසා ම මෙහි දුම් කෝච්චි ධාවනය වූ අවධියේ ගල් අඟුරු අතරට වීර දර ද බොයිලේරු සඳහා යොදාගන්නා ලදී. වීර වාරයට බොහෝ දෙනා කැලෑ වදින්නේ වීර ගෙඩි කැඩීමටයි. වීර ගෙඩි අලෙවි කළ හැකි පලතුරු විශේෂයකි. ඒවා ද පලු ගෙඩි මෙන් මලු ගණනේ විකිණීම කරයි. ජුනි ජූලි මාසවල වියළි කලාපයේ වීර වෙළෙඳුන් දැකිය හැකි ය.වීර ගෙඩියේ කෑමට ඇත්තේ ඉතා සුළු කොටසකි. ඇටය වැඩිපුර ඇත. කර්කශ දේශගුණයට ඉතා හිතවත් වීර ගස තෙත් කලාපයේ දක්නට නැත. එසේ ම මුහුදු මට්ටමේ සිට අඩි 500න් ඉහළ වගාවන බවක් නොපෙනේ. වීරවිල, වීරහේන, වීරේ, වීරගොල්ල යන නම්වලින් හැඳින්වෙන ගම් කාලයක දී වීර ගසින් ගැවසීගත් පෙදෙස් වීමට හැකි ය. අපේ රටට ආවේණික ශාකයක් වූ වීර ගස මෑත යුගයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශයට පත් ව යන ශාකයක් හැටියට දැක්වේ. හේන් ගොවිතැන හා කැලෑ එළි පෙහෙළි කිරීම නිසා වීර ගසට අපලය උදා වී ඇත.

Type of Genus –  Euphobia   

The Weera tree grows very well only in the dry zone of our country. This plant can be found in jungle areas such as Anuradhapura, Polonnaruwa, Mullaitivu and Hambantota, Thanamalwila and Udawalawe. Weera sticks are used to construct and to tear down houses. The Weera leaf takes on an oval shape at the end. It is about 5cm long and 3cm wide. The foliage is very dense. When a leaf is crushed, it crumbles. The canopy grows thicker as the leaves grow side by side. It is a village belief that Kohomba grows in places where there are many weera trees. The weera tree is an abundant plant. The villagers think that bees pollinate weera trees. The weera tree flowers in April and May. It is said that bee hives are full of honey even during the weera flowering season. Weera fruit is our local fruit. The fruit is round. A well-grown weera fruit is like a nutmeg fruit. The most well-ripened heroin is red in color. Too much sweetness. Weera flowers appear at the ends of the branches. Weera branches are not strong. Fruiting branches falling off is a sight to behold. A weera tree usually grows to a height of about twenty-five or thirty feet. The weera tree is very beautiful when seen in the distance. It is a creative plant. Not a single weera tree has just a single trunk. Many people in the Vanni use a bundle of heroic sticks as a torch for night travel. Very well dried weera sticks burn like a torch. Due to this, weera wood was also used for boilers among the coal during the period when the train was running here. Many people go to the jungle for the weera tree to break weera fruit. Weera fruit is a fruit that can be sold. It is sold in bags like nuts. Weera fruit vendors can be seen in the dry zone during the months of June and July. The shell has more. The weera tree, which is very fond of harsh climates, is not found in the wet zone. Also, it does not appear to be cultivated above 500 feet above sea level. It is possible that Weerawila, Weerahena, Weera and Weeragolla were villages surrounded by hero trees in ancient times. The Weera tree, which is endemic to our country, is shown as a plant that is being destroyed due to human activities in recent times. Chena cultivation and deforestation have harmed the Weera tree.