තෙලඹු-Java Olive-காட்டுத்தேங்காய் / பினாறி

ශාක කුලය - ස්ටෙක්‍යුලාසියේ - Sterculiaceae

තෙලඹු ගස ඉතා විශාල ලෙසත් උසින් යුතුවත් වැඩෙන ශාකයකි. මෙය වනාන්තරයේ තුරුහිස් මුදුන තෙක් වැඩෙන ගසක් වන අතර තුරුහිස අලංකාර ලෙස වියනක් කරයි. තෙලඹු ගසේ පිපෙන්නා වූ අලංකාර මල් සුවඳවත් නොවේ. ඒවා දුගඳක් පිට කරයි. මේ නිසා තෙලඹු මලට එන්නේ මීමැස්සන් බඹරුන් නොව නිලමැස්සන් ය. තෙලඹු ගසට නම යෙදීමේ දී බොහෝ සැලකිලිමත් ව එය කර ඇත. ස්ටෙක්‍යුලා යන්නෙහි ලතින් භාෂා තේරුම කසළ යන්නයි. ෆෝටිඩා යන්න දුගඳට අර්ථ ගෙන දේ. ඒ නිසා මෙහි ඇති දුර්ගන්ධය සහ පිළිකුල් සහිත බව තේරුමට ගෙන උද්භිද විද්‍යා නාමය නිර්මාණය කොට ඇත. අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව යන රටවල ද තෙලඹු ගස දක්නට පුළුවන. ශ්‍රී ලංකාව, බුරුමය, ඉන්දියාව ආදී රටවල ද තෙලඹු ගස ව්‍යාප්ත ව ඇත. තෙලඹු ඇට කෑම සදහා ප්‍රිය කරන සතෙකු ලෙස සැළලිහිණියා හැඳින්වීමට හැක. සැළලිහිණි රංචු ලෙසින් තෙලඹු ගස්වල වසා කෑගසනු දක්නට පුළුවන. බීජ මගින් හා අතු මගින් ද තෙලඹු ගසේ ප්‍රචාරණය ඇති වේ. තෙලඹු අතු සිටුවීමෙන් පසු ව ඒවා පැළ වී අතු ලියලනු දක්නට පුළුවන. තෙලඹු ගස වියළි තෙත් දේශගුණය ප්‍රිය කරයි. තෙලඹු ගෙඩිය හොඳින් මෝරා පැසී ඉදුණ පසු තරමක් වේළීමට භාජනය වේ. ඉන් පසු ලෙල්ල පුපුරා දෙපසට විහිදේ. එවිට එහි අභ්‍යන්තරයේ ඇති බීජ විසිරී පොළොව මත පතිත වීමෙන් පැළ හටගනී. සාමාන්‍ය තෙලඹු ශාකයක් මීටර් 30ක් තරම් උසට වැඩේ. අනෙක් තුරු මුදුන් අතරින් අහස් වියනට ම විහිදෙන තෙලඹු ගස තුරු හිස ඔටුන්නක් වැනි ය. තෙලඹු ශාකයේ අතුපතර විහිදෙන්නේ බොහෝ උසිනි. තෙලඹු ශාකයේ අනෙක් විශේෂය නම් එහි ඇටුවන් පිහිටීමයි. මේ නිසා උස් වූ ගස දරා සිටීමේ ඇති ශක්තිය වැඩි වේ. පෙබරවාරි මාර්තු මාසය වන විට හැම පත්‍රයක් ම හැලී යයි. ඉන්පසු අලුත් දලු දමා පත්‍ර වැඩේ. මෙහි පත්‍රය සංයුක්ත ආකාරයෙන් පිහිටයි. හරියට මඤ්ඤොක්කා කොළයක් ලෙසිනි. එහි උප පත්‍රිකා අටක් පමණ පිහිටයි. අලුත් දලු දැමීමත් සමග මල් හටගැනීම සිදු වේ. මේ මල් පොකුරක නැතහොත් මංජරියක ආකාරයෙන් පිහිටයි. මෙම පුෂ්ප ඒකලිංගික බව කියැවේ. තෙලඹු මල් ඉතා අලංකාර ය. විල්ලුද මෙන් දිලිසෙනසුලු පෙතිවලින් යුක්තයි. මෙම පුෂ්පය තරමක් දම් පාටට හුරු ය. එහෙත් සුවඳ නැත. ඇත්තේ දුගඳ ය. මල් පිපුණ පසු තෙලඹු ගෙඩි හටගනී. මේවා එල්ලන ලද මැටි පහන් සේ දිස්වේ. තෙලඹු ගෙඩියක් තුළ බීජ දොළහක් පහළොවක් පමණ වේ. තෙලඹු ඇටය කළු පාටින් යුක්ත ය. එය හරියට කුරුමිණියකු සේ ය. තෙලඹු ඇට තළා එහි මද කෑමට ළමුන් කැමැත්තක් දක්වයි. එහෙත් වැඩිහිටියන් ඊට ඉඩ නොදෙන්නේ ඒවා මත්වන නිසා ය.

ප්‍රයෝජන

තෙලඹු පොත්තේ පට්ටය ගෙන නූල් සෑදීමට යොදාගන්නා බව පැවසේ. එසේ ම තෙලඹු කිරි ඉතා හොඳින් ඇලෙන නිසා පොත් බැඳීමේ කර්මාන්තය යොදාගනී. අපේ රටේ ප්‍රසිද්ධ පුරාවෘත්තයක් ඇත. ඒ දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ඉදිකිරීමේ කතාවයි. ඉන් කියැවෙන්නේ රන් තෙලඹු ගසක සිටි දෙවඟනක් ඉන් ඉවත් කර එතැන ස්වර්ණමාලි චෛත්‍ය ඉදි කළ බවකි. තෙලඹුගල්ල, තෙලඹුහේන, තෙලඹුගොල්ල, තෙලඹුවන්ත යන ග්‍රාම නාම බිහිවී ඇත්තේ තෙලඹු ගස මුල් වීමෙන් ය. කුඩා ළමුන් තෙලඹු ඇටයේ මදය ශුද්ධ කර එහි කෝෂය නළාවක් මෙන් කටින් හුළං යවා පිඹින අයුරු දැකිය හැකි ය.

Type of Genus –  Sterculiaceae   

The Java Olive tree is a very large and tall plant. This is a tree that grows to the top of the trunk in the forest and the truss makes a beautiful canopy. The beautiful flowers that bloom on the Olive tree are not fragrant. They emit an odor. Therefore, it is not the bees but the wasps that come to the teal flower. Naming the Olive tree has been done very carefully. Stakeula in Latin means garbage. Fortida means stink. So the botanist has come up with a nomenclature that relays the message regarding the stench of the tree. The Java Olive tree is also found in Africa and Australia. The Java Olive tree is also widespread in Sri Lanka, Burma and India. The squirrel can be described as an animal that prefers to eat Java Olive oil. Swarms of squirrels can be seen in the palm trees. Propagation of the Java Olive tree is also done by seeds and branches. After planting the twigs, they can be seen sprouting and branching. The palm tree prefers a dry wet climate. The tamarind fruit ripens well and then dries slightly. The skin then explodes and spreads to the sides. Then the seeds scatter outside and fall to the ground and sprout. The average tall plant grows up to 30 m tall. From the other tops, the head is like a crown to the palm tree that stretches across the canopy. The leaves of the palm plant are very high. The other species of the palm tree is the location of its bones. This increases the bearing strength of the tall tree. By February and March, all the papers are falling off. Then new leaves are added and the leaves grow. The leaf here is in compact form. Just like a manioc leaf. It has about eight sub-leaflets. Flowering occurs with the laying of new leaves. These flowers are arranged in a cluster or inflorescence. These flowers are said to be unisexual. The teal flowers are very beautiful. With velvety shiny petals. This flower is slightly purple. But there is a stench. The thalamus bears fruit after flowering. These look like hanging clay lamps. There are about twelve to fifteen seeds in a palm tree. The thalamus seed is black. Its like a beetle. Kids love to crush Java Olive into oil and consume it. But adults do not allow it because they become intoxicated. It is said that the bark of the palm tree is used to make threads. Also, palm oil is used in the book-binding industry because it sticks very well. Our country has a famous legend. That is the story of King Dutugemunu constructing the Ruwanweli Seya. It is said that a goddess who was in a golden palm tree was removed from it and the Swarnamali Dagoba was built there. Thelambugalla, Thelambuhena, Thelambugolla and Thelambuwantha village names are derived from the Thelambu tree. Small children can be seen peeling the Java Olive fruit kernel blowing on it like a trumpet.