කළුවර-Ebony-கருங்காலி

ශාක කුලය - එබනේසියේ - Abeneseae

අපේ රටේ ආවේනික ශාකයක් වූ කළුවර ගස වර්ග කීපයක් දක්නට ඇත. වියළි දේශගුණයට ඔරොත්තු දෙන රළු වර්ධනයට හිතකර කළුවර ගස වැඩී වර්ධනය වීමට දිගු කාලයක් ගනී. කළුවර ගසක කඳ විශාල වීම සිදුවන්නේ ඉතා සෙමින් ය. ඊට හේත්තුව එහි ලීයේ ඇති ශක්තිමත් බව හා ඝනකමයි. කළුවර යන නම්න්ම එහි ස්වරූපය අපට දැනගත හැකි ය. ස්වභාවයෙන් ම කළුවර ලීය ඉතා කළු පාටින් යුක්තයි. අපේ රටේ වැවෙන කළුවර ශාක වර්ග දෙකකි. එක් වර්ගයක් කොළ සිහින් දිග පත්‍ර ඇති තරමක් උසට වැඩෙන වර්ගයකි. අනෙක අතුපතර විහිදී වැඩෙන අතු රිකිලි පවා කළු පාට කොළ බොකුටු හැඩයක් ගන්නා වර්ගයයි. මේ දෙවර්ගය ම එක හා සමාන ස්වරූපයක් දක්නට ලැබේ. ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ ජාවා දූපත්වල ද කළුවර ශාකය දක්නට ඇත. මාර්තු මාසයේ පමණ ගෙඩි ඉදී බිජ හැලෙන අතර ඒ මගින් ව්‍යාප්තිය සිදු වේ. ගෙඩියේ බීජ මංජරියේ පැසක මෙන් බීජ පැස් කීපයක් දක්නට ඇත. මල කුඩා පෙති හතරකින් යුක්ත වන අතර එය කහ පැහැයක් ගනී. කොළ රිකිලි අතර මල් හටගනී. කළුවර ගස ප්‍රධාන වශයෙන් යොදාගනු ලබන්නේ ගෘහ උපකරණ සැදීම සඳහා ය.

ප්‍රයෝජන

අපේ රටේ කැටයම් කලාව සඳහා යොදාගන්නා ප්‍රධාන දැව වර්ගය කළුවර වීම විශේෂයකි. කළුවර ලී යොදා කැටයම් කළ ඇත් රූප දේව රූප බුද්ධ රූප ආදිය ඉතාමත් ඉහළ මිලකින් යුතු ය. ලංකාවේ බිම්තැන්න ප්‍රදේශයේත් මැදිරිගිරිය හා පොළොන්නරු ප්‍රදේශයේත් කළුවර ගස දක්නට හැකි ය. කළුවර ලී කුරුටු ගා ගන්නා කුඩු, සුනඛයන්ගේ පණු රෝග සඳහා යොදාගන්නා බව කියැවේ. කළුවර ගසට අපේ රටේ ලැබෙන්නේ ඉහළ අගයකි. කළුවර ගස වියළි දේශගුණයට කැමති ශාකයකි. මෙයට සමහර ප්‍රදේශවල කරුවල ගස් කියා ද කියනු ලබයි.

Type of Genus –  Abeneseae

There are several species of Ebony tree which are endemic to our country. The Ebony tree takes a long time to grow, which is conducive to the harsh growth that is resistant to dry climates. The trunk of an Ebony tree grows very slowly. This is because of the strength and thickness of the wood. If it is dark, we can know its form. Naturally Ebony wood is very black. There are two types of Ebony plants grown in our country. One type is a slightly taller variety with thin slender leaves. The other is also has leafy twigs and is black, green, and have a hollow shape. Both of these types have a similar pattern. Ebony is also found in Sri Lanka, India, Indonesia and the islands of Java. Around March, the fruits ripen and the seeds are sown, which leads to propagation. The seed pods of the fruit have several seeds, The flower has four small petals and is yellow. Flowers appear between the leaf shoots. The ebony tree is mainly used to make furniture.

Benefits

Ebony is the main type of wood used for carving in our country. Elephant carvings made of Ebony wood, deities and Buddha statues are very expensive. Ebony tree is found in the plains of Sri Lanka and in the Medirigiriya and Polonnaruwa areas. Ebony wood powder is said to be used to treat dog worms. The ebony tree is highly valued in our country. Ebony tree is a plant that prefers dry climates. It is also known as Karuwala tree in some areas.