ශාක කුලය - ලෙගුමිනෝසේ - Leguminosae
එරබදු ශාකය අපේ රටේ හමුවන්නේ ඇළ දොළ ආශ්‍රිතවයි. එසේම වෙල්කොටුවල ඉනි වැටවල් සඳහා එරබදු ගස් සිටුවා ඇති සැටි දැකගත හැකි ය. කටු සහිත එරබදු ගස අවුරුදු සමයේ දී අලුත් කොළ සහ දලු දමා, මල් පිපී සැරසේ. තද රතු පාටින් යුත් එරබදු මල් පොකුර ඉතාමත් දැකුම්කලු දසුනක් ගෙන දේ. කොහාගේ නාදයත් එරබදු මලුත් අලුත් අවුරුද්ද පිළිබඳ තොරතුරු ගෙන එන බව පැරණි කියමනකි. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පරිදි දීපංකර බුදුන් වහන්සේ බුද්ධත්වය ලබාගත්තේ මේ කියන එරබදු ගසක් මුලදී ය. එරබදු ගස් වර්ග කීපයක් ඇති බව සඳහන් ය. ශාක විද්‍යාවට අනුව එම වර්ගීකරණයෙන් දැක්වෙන එරබදු නම් කටු එරබදු, යක් එරබදු හා වල් එරබදු ය. සිංහල නිඝණ්ඩුවල එරබදු ගස මදාරා යනුවෙන් ද නම් කර ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් එරබදු බොහෝ රෝගවලට සුව ගෙන දෙන ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියන් එරබදු ශාකය රෝග ගණනාවක් සඳහා වෙදවරු භාවිතයට ගන්නා ඖෂධීය ශාකයක් ලෙසින් නම් කර ඇත. ගෝනුසු විෂට අරලිය කිරි සමග මෙම දලු කොටා බැන්ද විට ක්ෂණිකව වේදනා පහ ව යන බව ද කියවේ. කෙසේ වෙතත් එරබදු ශාකය අපේ වටපිටාවේ ඇති බොහෝ වැදගත් ශාකයක් බව කිව යුතු ය. ඉන්දියාවේ හිමාල අඩවිය එරබදු ශාකයේ ජන්ම භූමිය ලෙස දැක්වේ. පසුව එම ශාකය මලයාව, බුරුමය, ජාවා, අන්දමන් දූපත්, නිකොබාර් දූපත්, පොලිසීනියාව හා ලංකාවට ද සේන්දු විය. ඝර්ම කලාපීය ශාකයක් වන එරබදු ශාකය සමහර උද්‍යානවල අලංකරණය සඳහා ද යොදාගෙන ඇත. එරබදු ශාකයක් අඩි පනහක් පමණ උසට වැඩෙන අවස්ථා ද ඇත. ඒ අතර ගංගා ඇළ දොළ ආශ්‍රිත ව වැඩුණ අතිවිශාල එරබදු ශාකයන් ද දැකගත හැකි ය. උඩරට හා පහතරට තේ වගාවන්වල ආරක්ෂිත ශාකයක් ලෙසින් එම්බදු ගස් වගාකොට ඇති සැටි දැකිය හැකි ය. එසේ ම එරබදු පත්‍ර කාබනික පොහොරක් ලෙසින් ද පසට මුසු කෙරේ. එරබදු සංයුක්ත පත්‍රිකාවක පත්‍රිකා තුනක් දැකිය හැකි ය.
සිංහල - එරබදු, එරමුදු, කටු එරමුදු, මදාරා, කටුකැල
දෙමළ - පන්ගාරා
සංස්කෘත - පරිභද්‍ර, රක්තපුෂ්ප
ඉංග්‍රීසි - ඉන්ඩියන් කොරල් ට්‍රී
ලෙසින් හැඳින්වෙන එරබදු ශාකය වියළි හා තෙත් කලාපයේ සරුවට වැඩේ. බීජවලින් හා අතුරිකිලි පැළකිරීමෙන් ද මෙහි ව්‍යාප්තිය සිදු වේ. වැටඉනි ලෙස වැවීමට ද බොහෝ අය එරබදු යොදාගනී. එසේ ම එරබදු කොළ එළුවන්ගේ ආහාර සඳහා යොදන්නේ ඉන් එම සතුන්ගේ රෝග අවම වන නිසා ය. ගසේ ඇති කටු නිසා මෙය බිහිසුණු ශාකයක් ලෙස ද නම් කළ හැකි ය. එරබදු කටු විෂ සහිත ය. කටු ඇනුණහොත් වේදනාකාරි ය. එරබදු අතුරිකිලි සමග කටයුතු කරන විට බොහෝ සේ පරිස්සම් විය යුතු ය. එයට හේතුව අනතුරුදායක වීමයි. දෙසැම්බර් ජනවාරි මාස වන විට එරබදු ගස්වල කොළ හැලී අතු රිකිලි පමණක් ඉතිරි වේ. ඉන්පසු කොළ දලු ලෑමට පළමු මල් පිපීම සිදු වේ. මල් පිපුණ විට මුළු පරිසරය ම රක්ත වර්ණයෙන් අලංකාර වේ. එය එතරම් ම අපූරු දර්ශනයකි. එරබදු මල් ගම්බද අය වෑන්ජන පිණිස ගනී. එය රසවත් මෙන් ම ගුණදායක වෑන්ජනයකි. එරබදු මල් වෑන්ජනය සත්කෝරලයේ ප්‍රකට වෑන්ජනවලින් එකකි. එරබදු මල් එක ඉත්තක හැත්තෑවක් සියයක් පමණ හටගනී. මෙහි පුෂ්ප මංජරිය කේතු ආකාරයට පිහිටා ඇත. පැණි බොහෝ සේ ඇති නිසා මීමැසි ගනයා බහුල ව ගැවසීම සිදු වේ. මුල සිට මල් පිපීම ආරම්භ වන නිසා මල් ඉත්තක මල් පිපී අවසන් වීමට මසක් හෝ දෙමසක් ගත වේ. මලක් පෙති පහකින් සමන්විත වන අතර 7 cmක් පමණ දිග ය. එරබදු කරල සිලින්ඩරාකාර හැඩයක් ගනී. කෙටි කරලක් 20 cmක් පමණ දිග වේ. එරබදු ගසේ ලීය ශක්තිමත් නැත. පුළුන් ගසක ලීය මෙනි. කෙඳි වශයෙන් ගලවා වෙන් කළ හැකි ය. ඉක්මනින් දිරාපත් වේ. මේ නිසා ම එරබදු ගසේ වැඩීම ඉක්මන් ය. ඉතාමත් ඉක්මනින් වැඩෙන නිසා කුඹුරු ආශ්‍රිත ආරක්ෂිත කටයුතුවලට යොදාගැනේ. කටු ඇති නිසා සතුන් ද ඊට තරමක් බිය බවක් දක්වයි. එහෙත් එළුවා එරබදු කොළ ආහාරයට ගැනීමට ප්‍රිය බවක් දක්වයි.
Type of Genus – Leguminosae
Erabadu plant is found in our country along streams. You can also see the planting of Erabadu fences. During the New Year, the thorny Erabadu tree bears new leaves and flowers that blooms. The bright red bouquet of flowers gives a very beautiful view. It is an old saying that the sound of the Koel and the blooming flowers of the Erabadu tree brings the good news of the Sinhala & Tamil Newyear. According to Buddhist literature, Deepankara Buddha attained Enlightenment at the root of this tree. It is said that there are several types of trees. In Sinhala dictionaries it is said that the tree is also called Madara. However, it is a proven to be a drug that cures many ailments. Royal Panditha Kirielle Gnanavimala Thero has named the herb as a medicinal plant used by doctors for many ailments. Scorpion venom is also said to relieve pain instantly when these leaves are chopped with Temple tree milk. However, it must be said that the Erabadu plant is one of the most important plants around us. The Himalayas of India are said to be the birthplace of the Erabadu plant. Later the plant reached Malaya, Burma, Java, Andaman Islands, Nicobar Islands, Polynesia and Ceylon. Erabadu, a tropical plant, is also used for decoration in some gardens. There are also cases where this plant grows to a height of about fifty feet. At the same time, you can see huge Erabadu plants growing along the rivers and streams. Such trees can be seen as a protected plant in up country and low country tea plantations. Erabadu leaves are also added to the soil as organic fertilizer. The so-called Erabadu plant thrives in the dry and wet zones. It is also propagated by seeds and twigs. Many people also use it to grow fences. The leaves are also used in the diet of goats as it minimizes the diseases of the animals. It can also be termed as a terrifying plant because of the thorns on the tree. Tax thorns are poisonous. It hurts when the thorns stick out. You have to be very careful when dealing with Erabadu deductions. The reason is dangerous. By December and January, only the fallen leaves and twigs are left on the trees. Then the first flowering takes place. When in bloom, the whole environment is adorned with red. Its such a wonderful sight. Erabadu flowers are used by the villagers for curry. It is a delicious as well as nutritious curry. Erabadu Mal Curry is one of the popular curries of Satkorala. There are about seventy hundred flowers in a single branch. The inflorescence is conical. Bees are abundant because of the abundance of honey. It takes about a month or two for the flower buds to finish blooming as they start flowering from the beginning. A flower has five petals and is about 7 cm long. The beads take on a cylindrical shape. The short pod is about 20 cm long. The wood of the tax tree is not strong. Like the wood of a cotton tree. The fibers can be removed and separated. Decomposes quickly. Due to this the growth of the tree is fast. It grows very fast and is used for paddy protection. Animals are also a bit scared because of the thorns. But the goat prefers to eat the leaves.