බුරුත-Ceylon Stain Wood-முதிரை

ශාක කුලය - රුටාසියේ - (Rutaceae)

බුරුත ශාකය ඉතා ශක්තිමත් මෙන් ම අලංකාර වර්ණයකින් හා වෛරමකින් ද යුත් දැව විශේෂයකි. මෙය වියළි කලාපයේ වැවෙන ගසක් වන අතර වටිනාකමින් ද වැඩි ය. බුරුත ලීය ඉතාමත් ශක්තිමත් ලීයක් වන නිසා ගෘහභාණ්ඩ තැනීමට යොදාගන්නා අතර කැටයම් සහිත භාණ්ඩ නිර්මාණය කිරීමට විශේෂයෙන් යොදාගනී. අපේ රටේ පමණක් නොව විදේශයන්හි ද බුරුත ලීයට ඇත්තේ වැඩි සැලකිල්ලකි. බුරුත ගසේ පත්‍ර ඉතා කුඩා වන අතර එය රිකිලි ලෙසින් පිහිටයි. හරියට ම සියඹලා පත්‍ර මෙනි. දැඩි හිරු රැසට ඔරොත්තු දෙන බුරුත ගසේ පත්‍ර එසේ කුඩාවට ඇත්තේ ජලවාෂ්පීකරණය අඩුවට සිදුවීම සඳහාත් දැඩි හිරු රැසට ඔරොත්තු දීම සඳහාත් ය. බුරුත ශාකයේ වැඩීම සිදුවන්නේ ඉතාමත් සෙමින් ය. බුරුත ගසක් වට අඩි තුනක් හෝ හතරක් විශාල වීමට වසර පහළොවක් පමණ ගත වේ. සමහරවිට භූමියේ හැටියට ඊටත් වඩා වැඩි කාලයක් ගතවීමට පුළුවන. ශ්‍රී ලංකාව නිජබිම කරගත් බුරුත ශාකය අනුරාධපුර, පොළොන්නරු, මහියංගනය යන ප්‍රදේශවලත් උඩවලව, බුත්තල, තණමල්විල වැනි ප්‍රදේශවලත් දැකගත හැකි ය.මොණරාගල හා මඩකලපුව ප්‍රදේශවල ඇති බුරුත මල් බුරුත ලෙසින් හැඳින්වේ. ඊට හේතුව වන්නේ ඒවායේ වයිරමේ ඇති මල් මෙන් වූ අලංකාර පිහිටීමයි.

සිංහල - බුරුත

දමිළ - මුටිරායි

ඉංග්‍රීසි - සැටින්වුඩ්

බුරුත ගසේ ව්‍යාප්තිය ඇතිවන්නේ එහි බීජවලින් ය. බුරුත මල් මුරුංගාවලට ටිකක් සමාන බවක් දක්වයි. මල් මංජරියක් ලෙස පිපේ. ඒවා සුදු පාටින් යුක්ත ය. අප්‍රේල් මැයි මාසවල මල් පිපීමට පටන් ගනී. බුරුත ගස ද තද ගොරෝසු පොත්තකින් ආවරණය වී ඇත. කොළ හැලෙන පෙබරවාරි මාර්තු කාලයේ දී සම්පුර්ණයෙන් කහ පාටට හැරෙන කොළ සුළගේ පාවී විසිරී යයි. එහි පොතු හෝ මුල් හෝ කොළ බෙහෙත් ඖෂධ ලෙසින් ගන්නා බවක් වාර්තා වී නැත. ලංකාවේ අධිරාජ්‍යවාදී පාලන සමයේ පේරාදෙණියේ දී මහවැලි ගග හරහා ඉදි කළ ලී පාලම සෑදීම සඳහා යොදාගනු ලැබුවේ ශක්තිමත් බුරුත පළු බව කියැවේ. කැලයේ දී බුරුත ගසට සීපාවන්ගෙන් හානි සිදුවන බවක් නොපෙනේ. ඒ නිසා කැලයේ පැළවෙන බුරුත පැළ නිරුපද්‍රිතව ලොකුමහත් වී වැඩේ.

Type of Genus- Rutaceae

Ceylon Stain Wood also known as Burutha in Sinhalese is a very strong and beautiful wood species with a beautiful color and texture. This is a tree that grows in the dry zone and is even more valuable. Burutha is a very strong wood and is used to make furniture and especially to make carved items. Burutha is of great interest not only in our country but also abroad. The leaves of this tree are very small. Just like the Tamarind tree leaves. The leaves of Burutha, which can withstand intense sun exposure, are so small that they are less susceptible to evaporation. The growth of the plant is very slow. It takes about fifteen years for a Burutha tree to grow to three or four feet in circumference. It may take even longer on the ground. Native to Sri Lanka, it is found in Anuradhapura, Polonnaruwa, Mahiyanganaya, Udawalawe, Buttala, Thanamalwila, Moneragala and Batticaloa. This is because of their beautiful flower-like location. The spread of the Stain wood tree is from its seeds. The flowers look a bit like Drumstick tree flowers. They are white. Flowering begins in April and May. The tree is also covered with a thick coarse bark. The leaves turn completely yellow in February and March and the leaves float in the wind. Its bark or roots or leaves have not been reported to be used medicinally. It is said that strong wooden planks were used to build the wooden bridge across the Mahaweli River in Peradeniya during the imperialist rule of Ceylon. In the wild, the Ceylon Stain wood tree does not appear to be damaged by Quadrupeds. Therefore, the Stain wood plants that grow in the forest grow bigger and safely.