හල්මිල්ල-Trincomalee wood-சமுளை மரம்

ශාක කුලය - ටිලියාසේ - Teliaceae

අපේ රටේ වැවෙන ශාක අතර තනි කෙළින් විහිද යන ශාකයක් ලෙස හල්මිල්ල ශාකය හැඳින්විය හැකි ය. වටකුරු කඳත් කෙළින් අතට විහිද යාමත් ඇද කුද නොවීමත් නිසා හල්මිල්ල ගසට ඇත්තේ අපූරු පෙනුමකි. මේ නිසා ම නොයෙකුත් විශේෂ කටයුතු සඳහා හල්මිල්ල ගස් යොදාගැනීම පුරාතනයේ සිට ම පැවතිණ. අදත් බිම්තැන්න ප්‍රදේශයේ හල්මිල්ල ශාකය බහුල ව දැකගන්නට පුළුවන. මනම්පිටියේ සිට එගොඩපත්තුවට ඉංග්‍රීසීන් විසින් පාලමක් දැමූ අතර ඊට යොදා ගැනුණේ හල්මිල්ල කඳන් බව පැවසේ. අද මෙන් පොලිතීන් හෝ ප්ලාස්ටික් භාජන නොතිබූ නිසා අතීතයේ නැව් මගින් තෙල්, ආහාර වර්ග, සිමෙන්ති ආදිය ප්‍රවාහනය කරන ලද්දේ ලී පීප්පවල දමා ය. හල්මිල්ල ගසේ කොළය හෘදයට සමාන නිසා ඊට කෝඩිෆෝලියා යන උද්භිද නම ආරෝපණය කර ඇත. එය බැලූ බැල්මට අපට මෙසේ යයි සිතා ගැනීමට අසීරු නොවේ. සිංහලයන් හල්මිල්ල යනුවෙන් ද දමිළයන් වචන්ඩිලයි ලෙසින් ද ඉංග්‍රීසි ජාතිකයෝ ට්‍රින්කොමලි ට්‍රී යනුවෙන් ද හඳුන්වන හල්මිල්ල ශාකය විශේෂ ශ්‍රේණියේ දැව ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර ඇත. ලංකාව, මලබාරය, බුරුමය හා අන්දමන් දූපත්වලත් හල්මිල්ල ශාකය ව්‍යාප්ත වී ඇත. හල්මිල්ල ගස මීටර් 25 ක් 30 ක් තරම් උසට වැඩේ. වියළි උෂ්ණ හා වියළි තෙත් කලාපවල මෙම ශාකය හොඳින් වැඩේ. හල්මිල්ල හැදෙන්නේ අරඹක් හෙවත් ගොල්ලක් ලෙසින් ය. පතනශීලී ශාකයක් වන හල්මිල්ල කොළය හරිත වර්ණයෙන් දීප්තිමත් ය. මෘදු ය. සැහැල්ලු ය. අතු රිකිලි අග කොළ හටගනී. ආකූල නැත. නිරවුල් හිසක් දැකිය හැකි ය. තුරු වියන හිදැස් සහිතයි. පත්‍රයක දිග 20cm ක් පමණ වේ. හල්මිල්ල දලු ළා දුඹුරු පාටින් යුක්තයි. රිකිලි අග්‍රයේ පෙර කී ලෙසට මල් කිනිති හටගනී. මුං ඇටයක් තරම් වූ බීජයෙන් පැළ හටගනී. ඒ මගින් වර්ගයා ව්‍යාප්ත කරයි. මල් පොකුරක විශාල සංඛ්‍යාවක් බීජ හටගනී. එහෙත් මේ සියල්ල ම පැළ නොවේ. හල්මිල්ල බීජයට සුළගේ පාවී යාමේ හැකියාව ඇත. මෙහි ලීය අරටු සහිතයි. මැද කොවුල දිස් වේ. එය රත් පැහැ ගනී. තරමක් දුඹුරු වර්ණයට ද හුරු ය. පිට කොටස සුදු පාටින් යුක්තයි. එයද සවිශක්තියෙන් යුක්තයි.

ප්‍රයෝජන

හල්මිල්ල පොතු භග්න සඳහා දේශීය වෛද්‍යවරු යොදාගනී. හල්මිල්ලගස්වැව හල්මිල්ල බොහෝ තිබූ ප්‍රදේශයකි. එය වියළි කලාපයේ ය. හල්මිල්ලෑවත් එවැනි ම ප්‍රදේශයකි. එය ද වියළි කලාපයේ ය. ඒ නිසා හල්මිල්ල වියළි කලාපයේ දක්නට ලැබෙන ශාකයකි.

Type of Genus –  Teliaceae      

The Trincomalee Wood tree or Halmilla tree is a single straight spreading plant that grows in our country. The Halmilla tree has a wonderful appearance due to its rounded trunk, which extends straight and does not bend. Due to this, the use of Halmilla trees for various special purposes has existed since ancient times. Halmilla plant is still abundant in the plains. It is said that the British built a bridge from Manampitiya to Egodapattu using Halmilla trunks. In the past, ships used to transport oil, food, cement, etc. in wooden barrels, as there were no polythene or plastic containers as there are today. The leaf of the Halmilla tree is similar to the heart, hence the plant name Cordifolia. At first glance it is not difficult for us to imagine. The tree, known as Halmilla by the Sinhalese, Vachandilai by the Tamils and Trincomalee Wood Tree by the English, has been designated as a special grade tree by the Forest Department. Halmilla is widespread in Ceylon, Malabar, Burma and the Andaman Islands. Halmilla tree grows to a height of 25 to 30 meters. This plant grows well in dry hot and dry humid regions. Halmilla develops as a starter. Halmilla, a deciduous plant, has bright green leaves. It is soft and light. Branchlets form lateral leaves. No mess. A clear top can be seen. With weaving gaps. The length of a leaf is about 20cm. Halmilla leaves are light brown. Inflorescence auxiliary racemose occurs- Racemose inflorescence is an indeterminate inflorescence which shows indefinite growth and bears a number of flowers due to the presence of active growing point. Seedlings emerge from a seed the size of a green gram. It expands the category. In a cluster of flowers a large number of seeds are formed. But not all of these will germinate. Halmilla seed has the ability to float in the wind. The wood here is sturdy. The middle bowl is visible. It turns red. Also slightly brown. The outer part is white. It is also powerful. Halmilla is used by local doctors for skin abrasions. Halmillagaswewa Halmilla was an area with many. It is in the dry zone. Halmilla is a similar area. It is also in the dry zone. Therefore, Halmilla is a plant found in the dry zone.