මා දං-Java plum-நாவல் மரம்

ශාක කුලය - මිරිටාසියේ - Myritaceae

මාදං මිනිසාට ප්‍රයෝජනවත් ශාකයකි. මෙය තෙත් කලාපයේත් වියළි කලාපයේත් හොඳින් වැඩෙන ගසක් වන අතර දේශීය පලතුරක් ලෙස ද සඳහන් වේ. මාදං ගස විශාලවී වැඩෙන අතර සමහර ගස් විසල් බවක් පෙන්නුම් කරයි. මාදං ගස ආයුර්වේද ඖෂධ අතරට ද ගැනෙන නිසා සමහර අය මාදං ගසක් අලංකාරය සඳහා වගා කරගනී. ජූලි හා අගෝස්තු යන මාසවල දී මාදං ගෙඩි ඉදී දම් පාටින් ගස් වර්ණවත් වන නිසා ළමුන් ද අනෙකුත් කරුල්ලන් ද ගස් වටා රොක් වීම වැළැක්විය නොහැකි ය. ඉදුණ දං ගෙඩියේ පාට වැහිවලාවට සමාන කරන්නේ එහි ඇති පැහැයේ අධික වර්ණවත් බව නිසා ය. දං ගසේ පත්‍ර ජෝඩු ආකාරයට රිකිල්ලක දෙපැත්තේ පිහිටයි. මෝරපු පත්‍ර කොළ පාට වන අතර දං ගසේ දල්ල ගුරු පාට මුසු රතු පැහැයකින් දිස් වේ. අප්‍රේල් හා මැයි වන විට දං මල් පොකුරු ලෙසින් පිපේ. පොකුරට මල් බොහෝ ප්‍රමාණයක් ඇත. මාදං ගෙඩියේ ඉදුණ කොටස ඉතාමත් ටිකකි. එනම් මා දං ගෙඩියේ කෑ හැක්කේ එහි දං පාටින් යුත් පොත්ත කොටස පමණි. ඇටය තද කහට ගතියකින් යුක්ත වන නිසා මාදං ඇට කෑමට ගත නොහැකි ය. මාදං ගස්වල ගෙඩි හොඳින් ඉදුණ විට කුරුල්ලන්ගෙන් හා වන සීපාවගෙන් ඒවා හිස් නොවේ. දඬු ලේනා, රිළවා, වඳුරා මාදං කෑමට ප්‍රිය බවක් දක්වයි. මාදං පොතු ගස් වෙදකම සඳහා ප්‍රධාන ඖෂධයකි. එසේ ම මාදං පොතු මුඛයේ රෝග සඳහා ද ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. කටේ දුගඳ වහනය වන විට මාදං පොතු තැම්බූ වතුර ගෙන කට සෝදා දැමූ විට එම දුගඳ නැති වී යයි. ඒ අතර ම උගුරේ ආබාධ ඇති විට මාදං පොතු තැම්බූ වතුර ගෙන උගුර හොඳින් සෝදා ඇරි විට උගුරේ ඇති ආබාධ දුරු වේ. හොඳින් ඉදුණ මාදං ගෙඩි කෑ විට කටත් දතුත් සියල්ල ම දං පාට වේ. එසේ ම මාදං ගෙඩියේ ඇති කහට කටේ බැඳේ. එහි ද හොඳ ඖෂධීය ගුණයක් ඇත. දේශීය ආයුර්වේදයේ සඳහන් පරිදි මුඛ රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස මාදං නිරදේශ වන අතර මාදං පොතු දත් බෙහෙත් සඳහා යොදාගනු ලබයි. මාදං ඇට දියවැඩියා රෝගය සඳහා සුදුසු බවට හෙළි කරගෙන ඇත. එසේ ම මුත්‍රා වැඩිපුර යන විට මාදං පොතු කසාය පානය කිරීමෙන් එය සුව වේ. මාදං පොතුවල ඉතා හොඳ ජීවමය ගුණයක් ඇත. ඒ නිසා අත් පා කැඩී බිඳී ගිය විට මාදං පොතු මිශ්‍ර පන්තු සකස් කර ආලේප කිරීම සිදු කරයි. භික්ෂුන් වහන්සේලාත් මාදං පොතු සිවුරු පඬු කිරීම සදහා යොදා ගත්තේ කහට ගතිය වැඩි නිසා ය. එසේ ම මෙහි අරටු කොටසක් ද නැත.

ප්‍රයෝජන

මාදං ගස පැරණි පලතුරු ගසකි. පුරාතනයේ මිනිසුන් මාදං ගෙඩි කඩා ගෙනවිත් ලුණු දියරෙන් සෝදා කෑමට ගති. ළමුන්ගේ ප්‍රධාන පලතුරක් විය. ආයුර්වේදීය ඖෂධ අතර ප්‍රධාන ලෙසට ගැනෙන වන ඖෂධයකි. මුත්‍රා අමාරුවලට සහ හන්දි වෙදකමට යොදාගනු ලබයි. බොහෝ අතීතයේ සිවුරු පඬු ගැසීම සඳහා මාදං පොතු භාවිතයට ගෙන ඇත. මාදං පොතු මුඛයට ඉතා හොඳ ඖෂධයකි. මාදං පොතු වේලා චූර්ණ කර ඊට පුලුස්සන ලද අරළු කුඩුත් සහිඳ ලුණු ස්වල්පයකුත් කලවම් කර දත් මැදීමෙන් දත්වල කහට හා කට ගඳ ගැසීම නතර වන බව කියැවේ.

දං ගසෙන් ගමට නම්

දංගස්පිටිය, මාදංපිටිය, දංගොල්ල, මාදංවල, දංපැලැස්ස, දංකොටුව, දංතුරේ, දංගහවෙල. මෙම නම් භාවිතයෙන් පෙනී යන්නේ මෙම කියන ප්‍රදේශවල දං බහුල ව තිබූ බවකි.

සිංහල බසින් - මාදං, දං , දඹ / දමිළ බසින් - සම්බුල්, මාදුලන් / සංස්කෘති - ජම්බු

Type of Genus –  Myritaceae

Madan or Java Plum is a plant that is useful to man. This is a tree that grows well in the wet zone and dry zone and is also referred to as a native fruit. The Madang tree grows large and some of the trees are large. Madang tree is also considered in Ayurvedic medicine and some people cultivate Madang tree for beauty. During the months of July and August, Madan fruits ripen and the trees turn purple, making it impossible for children and other birds to roam around the trees without eating the fruit. The color of ripe dandelion is similar to that of rain because of its high water content. The leaves of the Java Plum are arranged in pairs on either side of a shoot. The mature leaves are green and the petiole of the stalk is reddish brown. Java Plum flowers bloom in clusters in April and May. The cluster has many flowers. The ripe part of the Java Plum is very small. Madan seeds cannot be eaten as the seed is bitter. When the fruits of the Madan trees are well ripened, they are not empty of birds and wild animals. Monkeys and squirrels love to eat the fruit. Madan bark is a major medicinal plant. Madan bark is also a proven remedy for oral diseases. The stench of bad breath disappears when the mouth is rinsed with water boiled with Madan bark. Similarly, when there is a sore throat, take boiled water of Madan bark and rinse the throat thoroughly to get rid of the sore throat. When a well-ripened Madan fruit is eaten, the mouth and teeth all turn brown. Similarly, the bitterness in the seed binds in the mouth. It also has good medicinal properties. According to local Ayurveda, Madan is prescribed as an antidote for oral diseases and Madan branches are used for brushing teeth. Madan has been shown to be suitable for diabetes. Similarly, when urination is excessive, it is cured by drinking a Madan bark decoction. Madan bark is so effective medicinally that when the limbs are broken, Madan peels are mixed and applied. Madang tree is an old fruit tree. In ancient times, people would pick nuts and wash them with salt water. It was a staple fruit of children. It is considered as one of the major Ayurvedic medicines A drug. Used for urinary incontinence and joint pain. In the past, Madan skins were used to make robes. Madan bark is a very good medicine for the mouth. It is said that the powder of Madan peel is crushed and mixed with roasted rice powder and a pinch of salt to brush the teeth and stop the bitterness and bad breath.