කජු-Cashew-மரமுந்திரிகை

ශාක කුලය - කැෂූ ( Cashew)

කජු ආර්ථිකමය අතින් ඉතා වටිනා ශාකයකි. කජු මද ප්‍රණීත රසයකින් යුතු වන අතර කජු මද කෑමට බොහෝ දෙනා ප්‍රියතාවක් දක්වයි. කජු ඇටය එළියට සිටින්නට නිර්මාණය වී තිබීම පුදුම සහගතය. අනෙක්  හැම ගෙඩියක ම ඇටය හෙවත් බීජය දක්නට ඇත්තේ ගෙඩිය ඇතුළේ ය. නමුත් කජු ඇටයත් පුහුලමත් නිර්මාණය වී තිබෙන්නේ විවෘත ආකාරයටයි.කජු තරමක් වියළි දේශගුණයට ඔරොත්තු දෙන ශාකයක් නිසා තෙත් සහ වියළි දේශගුණය ඇති ප්‍රදේශවල හොඳින් වැඩේ. එහෙත් මුහුදු මට්ටමේ සිට අඩ් 1500 ට වඩා උස් ශීතල දේශගුණය ඇති ප්‍රදේශවල කජු ගස නොවැඩේ.අපේ රටේ නුවරඑලිය හා යාපනයත් හම්බන්තොට ප්‍රදේශයේ වඩා උෂ්ණ කලාපයේත් කජු ගස දක්නට නොලැබේ. කජු බෝවීම සිදුවන්නේ බීජ මාර්ගගයන් ය. කජු ඇටයක් පැළවීම සඳහා ගත වන්නේ ඉතා කෙටි කාලයකි. සමහරවිට සති දෙකක් හෝ තුනක් ගත වන විට කජු ඇටයක් පැළ වී අංකුර මතු වේ. ලෝකයේ විවිධ රටවල් කජු අපනයනය කිරීම කරන අතර කජු සඳහා වර්තමානයේ වැඩි ඉල්ලුමක් තිබෙන බව පෙනේ. කජුවල ඇති මැලියම් ඇලෙනසුලු ගතිය නිසා විවිධ දේ ඇලවීම සඳහා භාවිතයට ගැනේ. කජු ගසේ පත්‍රිකා විශාල බැවින් ඊට බොහෝ ජලවාෂ්ප උරාගන්නා නිසා ශීත පරිසරය අවශ්‍ය ය. එනිසා තෙත් බව රඳන පසේ කජු ගස ඉතා හොඳින් වැඩේ. විශාල කඳක් සහිත ව වැඩෙන කජු ගස කොරපොතු සහිත ඝන ව පැතිරී ගිය පොත්තක් සහිත කඳක් ඇති ගසකි. වර්ෂයේ සැමදා එක ලෙස වර්ධනයක් දක්නට ඇති කජු ගස නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල මෝරා ගිය කොළ හැලී දලු දැමීමට පටන් ගනී. ජනවාරි පෙබරවාරි මල් සමයයි. මල් හටගන්නේ පොකුරු ලෙසින් ය. මල් කිනිත්තක සියයකට වැඩි ගණනක් මල් මංජරී දැකගත හැකි ය. කජු ගෙඩි හටගන්නේ පොකුරු වශයෙන් ය. එක පොකුරක කජු 30ක් හෝ 40ක් පමණ හටගනී. පෙබරවාරි මස හටගන්නා කජු ගෙඩියේ බට්ටා හෙවත් මාංස කොටස පුහුලමක් ලෙස මෝරා පරිණත වන්නේ මාර්තු මාසයේ පමණි. කජු පුහුලන් ඉතා රසවත් කෑමකි. මෙය පක්ෂීන්ගෙන් ආරක්ෂා කරගැනීම අමාරු කාරියකි. කජු ගෙඩි ගම්බඳ ජනතාව එකතු කරගන්නේ වවුලන් විසින් කා දමා බිමට පතිත වීම   මගින් ය.වන වගා ලෙස කජු වගා කරන ප්‍රදේශවල වියළි කජු එකතු කරන්නේ ඒවා සොලවා පුහුලන් ඉවත් කිරීම මගිනි. පුහුලන්වල ඇති පැණි එකතු කර පැණි සැකසීමේ ව්‍යාපාර ද සිදු කෙරේ. විශේෂයෙන් කජු ප්‍රයෝජනයට ගැනෙන්නේ එහි මද ලබාගැනීම සඳහා ය. ලෝකයේ විවිධ රටවල විශේෂ අතුරුපස සැකසීම සඳහා රස යෙදුමක් ලෙස කජු මද භාවිතයට ගනී. මෙහි අපේ රටේ වැවෙන කජු ප්‍රභේද කීපයක් දක්නට ඇත. එනම් පෙතන් කජු වශයෙන් හමුවන ගෙඩි ලොකු කජු සහ ඇඟිටි කජු විලසින් හඳුන්වන ගෙඩි කුඩා වර්ගයයි. මීට ම බටු කජු කියා ද භාවිත වේ. මේ ඇඟිටි කජු හෙවත් බටු කජු වෙළඳපළේ එතරම් මිලකට අලෙවි නොවේ. එහෙත් පෙතන් කජු ඉහළ මිලකට වෙළඳපළේ අලෙවි කළ හැකි ය. පත්‍ර අග මූණතක් දැකිය නොහැකි ය. එය වටකුරු ලෙස පිහිටීම කජු කොළයේ ඇති විශේෂතාවයි. අනෙක් බොහෝ ශාකපත්‍ර අග සිහින් ව තුඩුවක් ලෙසින් පිහිටයි. මෙහි පත්‍රයේ මැද නාරටිය පැහැදිලි ස්වභාවයක් ගනී. කොළය පිටුපස නාරටි දාර ඉතා උස් ව පිහිටා ඇති නිසා කොළයේ පිටුපස තද ගොරෝසු ගතියෙනුත් මතුපිට මටසිලිටිවත් පිහිටා ඇත. කොළය රළු බවක් පෙන්නුම් කරයි. සදාහරිත තද කොළ පැහැයෙන් යුක්තයි. අතු රිකිලි බෙදීම ක්‍රමවත් නැත. අක්‍රමවත් ලෙස අතුපතර පැටලී විහිදේ. මේ නිසා ම කජු ගස් තද අකුල් සහිත වීම සාමාන්‍ය ස්වභාවයයි. ගසේ අතු බෙදීම මුලසිට ම සිදු වේ. පැතිරී ගිය මුල් සමුහයක් මගින් පොළොවට ශක්තිමත් ලෙස සම්බන්ධ වී පවතී.

ව්‍යාප්තිය

පහතරට තෙත් කලාපයේ අඩි 1500 නොඉක්මවූ කඳුකර ප්‍රදේශවලත් කජු ගස දකගත හැකි ය. සාමාන්‍යයෙන් මීටර් 15ක් පමණ උසට වැඩෙන කජු ගස අතුපතර විහිදී පළල් ව වැඩේ. බීජ මගින් පැළ ලබාගැනීම සිදු වේ. දැනට කජු පිළිබඳ පර්යේෂණායතන මගින් විවිධ වර්ගයේ දෙමුහුන් කජු ප්‍රභේද නිපදවා ඇත. තවන් සකස් කර ඇට රෝපණය කර පැළ ලබාගැනීම දැනට සිදුවන ව්‍යාප්ත ක්‍රමයයි.

ප්‍රයෝජන

කජු ආර්ථික වශයෙන් වඩා වැදගත් වැවිල්ලකි. කජු මද සඳහා විශාල ඉල්ලුමක් පවතී. විශේෂ වර්ගයේ රසකැවිලි නිෂ්පාදනය සඳහා යොදාගනී. කජු, දියවැඩියා රෝග සමනයට සුදුසු බව කියැවේ. කජුවලින් ලබාගන්නා තෙල් විශේෂ ආහාර සඳහා යොදාගනී. කැල්සියම් හා විටමින් D බහුල ලෙස කජුවල ඇති බව වෛද්‍ය මතයයි. එසේ ම මැග්නීසියම් හා විටමින් B-6 අඩංගු බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත.

Type of Genus – Cashew

Cashew is an economically valuable plant. Cashews have a delicious taste and many people prefer to eat cashews. Surprisingly, the cashew nut is designed to stand out. In every other nut, the seed is found inside the nut. However, cashew nuts and pods are formed in the open. Cashew is a mildly tolerant plant that grows well in wet and dry climates. However, the cashew tree does not grow in areas with colder climates than 1500 feet above sea level. Cashew breeding takes place through seeds. It takes a very short time for a cashew nut to germinate. Cashews, maybe two or three weeks later A seed sprouts and buds emerge. Various countries in the world are exporting cashew nuts and it seems that there is a high demand for cashew at present. Due to the adhesive nature of nuts, it is used for various purposes. The cashew tree needs a cold environment as it has large leafs and absorbs a lot of water vapor. Therefore, the cashew tree grows very well in moist soil. The cashew tree, which grows with a large trunk, is a tree with a densely spreading bark with scales. The cashew tree, which grows all year round, begins to shed its ripe leaves in November and December. January-February is the flowering season. Flowers grow in clusters. More than a hundred inflorescence can be seen in a pinch. Cashews come in clusters. There are about 30 or 40 nuts in a bunch. The fleshy part of the cashew nut, which ripens in February, matures only in March. Cashew nuts are a very tasty dish. This is a difficult task to protect from birds. Cashews are collected by the villagers by being eaten by bats and falling to the ground. In forested cashew growing areas, dried cashews are collected by shaking and removing the pods. There is also a honey processing business that collects honey from Cashew nuts. Cashews in particular are used to get the most out of it. Cashew nuts are used as a seasoning in special desserts around the world. Here are some varieties of cashew grown in our country. That is to say, the nuts found as Pethan cashews are the large nuts and the small nuts known as Angithi Cashews. These cashew nuts are not sold in the market at such a high price. But Pethan cashews can be sold in the market at a higher price. The ends of the leaves are not visible. The rounded location is the specialty of the cashew leaf. Most other foliage is slightly pointed at the tip. Here the midrib of the leaf becomes clear. The veins on the back of the leaf are very high, so the back of the leaf is thick and the surface is smooth. The leaf shows roughness. The branching is not systematic. The leaves are tangled and spread irregularly. For this reason, it is normal for cashew trees to be stiff. The branching of the tree takes place from the beginning. It is strongly connected to the earth by a group of spreading roots. The cashew tree can also be found in mountainous areas not exceeding 1500 feet in the lowland wet zone. The cashew tree, which usually grows to a height of about 15 m, grows broadly. Seedlings are obtained from seeds. Currently research institutes have developed different types of hybrid cashew varieties. The current widespread method is to prepare seedlings and plant seeds and obtain seedlings.

Benefits

Cashew is an economically important plantation. There is a huge demand for cashew nuts. Cashews are said to be good for diabetes. Cashew oil is used in special diets. According to doctors, cashews are rich in calcium and vitamin D. Research has also found that it contains magnesium and vitamin B-6.