බෙලි-Beli-வில்வமரம்

බෙලි ගස ලංකාවේ ආවේණික ශාකයක් වන අතර අපේ රටේ වැවෙන බෙලි වර්ග කීපයක් වේ. මේ එක එක වර්ගවල ගෙඩි වෙනස් වෙනස් ස්වරූප ගනී. රට බෙලි යනුවෙන් හඳුන්වන ගෙඩි විශාල වර්ගයත් සිංහල බෙලි නමින් හඳුන්වන ගෙඩි කුඩා වර්ගයත් යන දෙක ම ගුණයෙන් අනූන පලතුරු විශේෂයක් වේ. බෙලි ගස උෂ්ණ ශීත දේශගුණය සහිත තෙත් කලාපයේ හොඳින් වැඩේ. එසේ ම බෙලි ගස අන්තරායදායක ගසක් ලෙසින් ද හඳුනාගත යුතු ය. ඊට හේතුව නම් බෙලි ගසේ ඇති කටු අධික විෂ සහිත වීමයි. මේ කටු යම් හෙයකින් කකුළේ ඇනුණහොත් ගෙඩි හටගනී. එම නිසා බෙලි ගස් යට ඇවිදින විට ඉතා පරිස්සම් විය යුතු ය. එහෙත් බෙලි ගස නිවස ආසන්නයේ වවාගත යුතු ගසක් ලෙස ආයුර්වේදයේ නම් කර ඇත. ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ ලක්ෂ්මී දේවිය බෙලි ගස සිය වාසස්ථානය ලෙසින් තෝරාගෙන ඇති බැවින් එය හින්දු සාහිත්‍යයේ පෙන්නුම් කර ඇත. ‍'ලක්ෂ්මී බිල්ව සුන්දරි' යනුවෙන් හඳුන්වා දී ඇත්තේ එම නිසා ය. එසේම බෙලි පලතුරක් ලෙස දෙවියන් උදෙසා තබන පූජා වට්ටියේ දී ප්‍රධාන තැනක් ගනී. ආයුර්වේදයේ බෙලි පලතුර හඳුන්වා දී ඇත්තේ ශරීරයට සෞම්‍ය ගුණය ලබාදෙන ඖෂධයක් ලෙසයි. බෙලි ගසේ කොළ, මල්, ගැට, ගෙඩි, ගෙඩියේ මද, ගෙඩියේ පොතු යන හැම දෙයක් ම ඖෂධ ලෙසින් ගැනේ. මෙහිදී අප සිංහල බෙලි ලෙසින් හඳුන්වන ගෙඩි කුඩා වර්ගය ගුණයෙන් සහ අගයෙන් වැඩි බව ප්‍රකාශ වේ. බෙලි මලබද්ධය සඳහා ප්‍රත්‍යක්ෂ ඔසුවකි. එහෙත් එය දෙයාකාරයකින් ක්‍රියාත්මක වේ. ඕනෑ ම පාචන රෝගියෙකුට තැම්බූ බෙලි මී පැණියෙන් මුසුකර දුන් විට බඩඑළිය යාම නතරවන බව කියැවේ. එහෙත් ඉදුණ බෙලි කෑමට ගතහොත් එම තත්වය දරුණු අතට හැරේ. ලෙඩුන් සඳහා ඉදුණු බෙලි ඉතා යෝග්‍යයි. බෙලි ගස දකුණු ආසියාව ප්‍රධාන කොට ගත් ශාකයකි. මෙය ඉන්දියාව, බුරුමය, ලංකාව, මලයාසියාව හා ඉන්දීය දූපත්වල ද දක්නා ලැබේ. බෙලි ගස සාමාන්‍ය ලෙසින් මීටර් 12ක් තරම උසට වැඩේ. වර්ෂයේ ජනවාරි දෙසැම්බර් මාසවල බෙලි මල් අලුත් අතු රිකිලි ලියලා මල් හටගනී. මල් ඉතා සුවඳවත් ය. මල් මංජරියක් ලෙසින් හටගනී. මල් පොකුරක මල් පහක් හෝ හයක් ඇත. පෙති පහකින් යුත් මලේ පෙති සුදු පාටින් යුක්ත වන අතර අභ්‍යන්තරය කහ පැහැයක් ගනී. ඇතුළු පිහිටි ඩිම්බ හා පරාග පෝෂණය සිදුවන්නේ කෘමීන්ගේ ආධාරයෙන් ය. මලක් සෙ.මී. 4ක් 5ක් තරම් විශාල වේ. සුවඳින් යුක්තයි. බෙලි හටගන්නේ තනි ගෙඩි වශයෙන් ය. කලාතුරකින් ගෙඩි දෙක තුනක් එකට හටගනී. බෙලි ගෙඩියට සතුන් නිසා වන හානි අඩු ය. ඊට හේතුව නම් ගෙඩියේ ඇති පිට පොත්ත ඉතා ඝනකමින් යුක්ත වීමයි. බෙලි ගෙඩියක් පැසී ඉදී බිමට වැටීමට මාස හතරක් හෝ හතරහමාරක් පමණ වේ. ඉදුණ බෙලි ගෙඩියේ පොත්ත කහපාටින් යුක්තයි. එය ඉතාමත් ප්‍රණීත සුවඳකින් යුක්තයි. බෙලි ගෙඩිය ඇතුළත මද කහපාටින් යුත් අතර එය නාරං ගෙඩියක මෙන් කොටස් බෙදී ඇත. ඒ තුළ ඉතා විශාල ප්‍රමාණයක් බීජ පිහීටා අත. බෙලි බිජ මගින් ප්‍රචාරණය සිදු වේ. ඉදුණු බෙලි ගෙඩියේ ඇති සෙවෙල වැනි කොටස ආමාශයේ අභ්‍යන්තරීය කොටසට ඉතා ගුණදායක බැව් වෛද්‍ය මතයයි. එම නිසා බෙලි බීමක් ලෙස සකසා ගැනීම ඉතා යෝග්‍යයි. බෙලි පත්‍රයක් සාමාන්‍යයෙන් 17 cmක් පමණ දිග වන අතර එය 12 cmක් පමණ පළල වේ. ඝනකම කොළය කොළ පාටින් යුක්ත වන අතර තද ගතියක් ඇත. බෙලි පත්‍ර සංයුක්ත ආකාරයට පත්‍ර තුනක් බැගින් රිකිල්ලක පිහිටයි. මේවා අනුක්‍රම ලෙසට රිකිල්ලේ විහිදී ඇත. බෙලි ගස අළු පාටට හුරු සුදු පාටක් ගන්නා අතර පොත්ත සුඹුලු සහිතයි. බෙලි පොතු ද යම් යම් ප්‍රතිකාර සඳහා ගනු ලබන අතර බෙලි මුල් කෂාය සඳහා යොදාගනී. බෙලි ගැට වගා භූමි ආරක්ෂා කරගැනීම සඳහා කෙම් වලට භාවිත කෙරේ. බෙලි කොළ වියළා වී සමඟ මුසු කළ විට ඉපියන් ආදී කෘමි සතුන්ගෙන් වී වලට වන හානි අවම බව පැවසේ. වියළි කලාපයේ ඇතැම් ප්‍රදේශවල බෙලි ගස් යට අතුපතු ගා ශුද්ධ පවිත්‍ර කර ඇත. එසේ කර ඇත්තේ බෙලි මල් එකතු කිරීම සඳහා ය. බෙලි ගස ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් ශාකයකි.

ප්‍රයෝජන - 

බෙලි ගැට, බෙලි මල්, ඉදුණ බෙලි දේශීය ඖෂධ ලෙසින් ඉතාමත් වටිනාකමින් යුත්තයි. ඒ නිසා ආර්ථික වාසි ලබාගත හැකි ය. බෙලිගසේ පංචාංගයම ඖෂධ ලෙසින් සිංහල වෙදකමේ දී භාවිතයට ගැනේ.බෙලි කොළ කෘමි උවදුරු මැඩීම සඳහා භාවිතයට ගනී. මෙය අපේ රටේ පහතරට තෙත් කලාපයේත් අභ්‍යන්තර ප්‍රදේශවලත් හොඳින් වැඩෙන ශාකයකි.

வில்வ மரமானது இலங்கைக்கு உரித்தான தாவர இனமாக காணப்படுவதுடன், நாட்டில் சில வகையான வில்வம் மரங்கள்  காணப்படுகின்றன. ஒவ்வொரு வில்வம் மரங்களிலும் வெவ்வேறான வில்வம் காய்கள் உருவாகின்றன. நாட்டு வில்வம் என்றழைக்கப்படுவது பெரிய வில்வம் காய்களை குறிப்பதோடு, சிங்கள வில்வம் மிகச் சிறியதாக காணப்படுகிறது. எவ்வாறாயினும் பொதுவாக வில்வம் காய்கள் மிகவும் மருத்துவ குணங்களை கொண்டதாகவே காணப்படுகின்றன. உஷ்னமான மற்றும் குளிரான காலப்பகுதியில் வில்வம் வளரக்கூடியது. இருந்த போதிலும், ஈரவலய பகுதிகளில் அதிகளவில் வில்வம் மரங்களை காணக்கூடிதாக உள்ளது.  அதேபோல வில்வம் மரங்களை சித்த மருத்துவத்திற்கான மரம் எனவும் தெரிவிக்கப்படுகிறது. வில்வம் மரத்தில் காணப்படும் முற்கள் அதிக விசத்தன்மை வாய்ந்தவை. வில்வம் மரத்திலுள்ள முற்கள் ஏதேனும் வகையில் காலில் குத்தும் பட்சத்தில் , காயப்பட்ட இடத்தில் விசக்கட்டி ஏற்படக்கூடும். ஆகவே வில்வம் மரங்களுக்கு அண்மையில் செல்லும் போது மிகுந்த அவதானத்துடன் செல்லவேண்டும். எனினும், வீட்டிற்கு அருகில் வில்வம் மரத்தை வளர்க்க வேண்டும் என சித்த மருத்துவம் கூறுகிறது. வில்வ மரத்தில் மகா லக்ஸ்மி குடியிருப்பதாக இந்துக்களிடையே பெரும் நம்பிக்கை காணப்படுவதால், இந்த மரத்தை வீடுகளுக்கு அருகில் வளர்ப்பது மிகவும் சிறந்தது என கூறப்படுகிறது. இதனாலேயே லக்ஸ்மி வில்வ சுந்தரி எனவும் போற்றப்படுகிறாள். அதேபோல, வில்வம் பழம் பூஜை தட்டுக்களில் முக்கியமாக வைக்கப்பட வேண்டிய பழமாகவும் காணப்படுகிறது. ஆயுர்வேத மருந்தாக வில்வம் பழம் அறிமுகப்படுத்தப்படுவதுடன், சரும நோய்களுக்கான மருந்தாகவும் இவை பயன்படுத்தப்படுகின்றன. வில்வம் மரத்திலுள்ள இலைகள், பூக்கள், காய்கள், காய்களின் ஓடுகள் என அனைத்து பகுதிகளும் மூலிகைக்காக பயன்படுத்தப்படுகின்றன. இந்து மதத்தில் வில்வ மரம் மிகப் புனிதமானது.சிவ வழிபாட்டில் வில்வ பத்திர பூசை முக்கியமானது. முக்கூறுகளைக் கொண்ட வில்வ இலை திரிசூலத்தின் குறியீடாகக் கொள்ளப்படுகிறது. இது இச்சா சக்தி, ஞானசக்தி, கிரியா சக்தி என்பதைக் குறிக்கின்றது. மூக்கடைப்பு, செரியாமை, காசம் முதலான நோய்களுக்கு இதன் இலை, பழம் என்பன மருந்தாகப் பயன்படுகிறது. வில்வ வேர் சித்தமருத்துவத்தில் கூறப்பட்டுள்ள  பஞ்ச மூலங்களுள் ஒன்றாகவும் காணப்படுகிறது. இலங்கை, இந்தியா, மியன்மார், மலேசியா, உள்ளிட்ட நாடுகளில்  வில்வம் மரங்கள் வளர்கின்றன. சுமதர் 12 மீற்றர் உயரத்திற்கு இவை வளரக்கூடியது. வருடத்தின் ஜனவரி மற்றும் டிசெம்பர் மாதங்களில் வில்வம் பூக்கள் மலரும். வில்வம் பூக்கள் மிகுந்த வாசனையானவை. கொத்தாக இவை மலர்வதுடன், ஒரு கொத்தில் சுமார் 05 பூக்கள் காணப்படும். 05 இதழ்கள் கொண்ட வில்வம் பூக்கள் வௌ்ளை நிறத்தில் காணப்படுவதுடன் அதன் உட்பகுதி இளம் மஞ்சள் நிறத்திலும் காணப்படும். 4- 5 சென்றிமீற்றர் நிளமாக பூக்கள் காணப்படும். ஒரு கொத்தில் இரண்டு அல்லது மூன்று வில்வம் காய்கள் உருவாகும்..

வில்வம் காய்களுக்கு விலங்குகளின் தொல்லைகள் மிகக் குறைவாகவே காணப்படுகின்றன. வில்வம் காய்களின் தோல் கடுமையாக காணப்படுவதே இதற்கு காரணமாகும். வில்வம் காய்கள் நன்கு முற்றி மரத்திலிருந்து விழுவதற்கு சுமார் நான்கு அல்லது நான்கரை மாதங்கள் செல்லும்.

Beli tree is an endemic plant of Sri Lanka and there are several types of Beli grown in our country. Each of these types of fruit takes on a different shape. Rata Beli is a large variety of fruit and Sinhala Beli is a small variety of fruit. Beli tree grows well in humid climates with hot and cold climates. The Beli tree should also be identified as a dangerous tree. This is because the thorns on the bark are highly toxic. If these thorns stick to the leg, blisters will form. So be very careful when walking under the bell trees. But in Ayurveda the Beli tree is named as a tree to be grown near the house. The reason given is that Goddess Lakshmi has chosen the Beli tree as her abode and it is shown in Hindu literature. That is why it is called Lakshmi Billwa Sundari. It also plays an important role in the sacrificial offerings made to the gods as a fruit. In Ayurveda, Beli fruit has been introduced as a medicine that gives soothing properties to the body. The leaves, flowers, buds, fruits, pods, and bark of the tree are all used medicinally. It is stated that the small variety of fruit which we call Sinhala Beli is more in quality and value. BelI is a proven remedy for constipation. But it works in two ways. It is said that any diarrhea patient will stop having diarrhea when boiled Belli is mixed with honey and consumed. But if the ripe Beli is eaten, the condition worsens. Ripe Beli is mostly suitable for patients. Beli tree is a plant native to South Asia. It is also found in India, Burma, Ceylon, Malaysia and the Indian subcontinent. The Beli tree usually grows to a height of 12 meters. During the months of January and December of the year, the Beli flowers bloom with new twigs. The flowers are very fragrant. Occurs as an inflorescence. There are five or six flowers in a cluster. The petals of the flower are white and the inside is yellow. Insects feed on eggs and pollen inside. The flower is large as 4 by 5. Beli is usually single-fruited, and rarely two or three fruits appear together. Animal damage to the Beli tree is minimal. This is because the outer skin of the fruit is very thick. It takes about four months for a Beli to ripen and fall to the ground. The bark of the ripe Beli is yellow. It smells very old. The Beli is slightly yellow inside and is divided into narangi-like parts. There are a large number of seeds in it. Propagation is by seeds. According to the medical opinion, the mucus-like part of the ripe fruit is very good for the internal part of the stomach. Therefore, it is advisable to prepare it as a Beli drink. The leaf blade is usually about 17 cm long and 12 cm wide. Thickness The leaf is green and has a firm texture. Beli leaves compact, three-leafed. These are sequentially spread. The bark is grayish white and the bark is smooth. Beli peels are also taken for certain treatments and Beli root is used for decoration purposes. Beli knots are used for chem to protect plantations. It is said that when the bark leaves are dried and mixed with paddy, the damage to the paddy by insects is minimal. In some parts of the dry zone, the bark is cleaned by rubbing under the trees. This is done to collect the bell flowers. Beli tree is an economically viable plant.

Benefits

Beli knots, Belli flowers, ripe Beli are very valuable as local medicines. So there are economic benefits to be gained. Beli tree is used in Sinhala medicine. Beli leaves are used to control insect pests. This plant grows well in the lowland wet zone and inland areas of our country.